
නිශාන්ත පෙරේරා මහතා
ඉදිරිපත් කරයි.ඒ නිසාම මේ වසර තුල ලෝකය පුරා ස්වභාවික ව්‍යසන ඉතා බහුල වේවි. නේපාලය අවට ගිනි කඳු සක්‍රීය වීමට ඉඩ ඇත. ලොවපුරා භූ චලන බහුල වේවි. නවසීලන්තයෙන් පවා භූ කම්පන පිළිබඳ අසන්නට, දකින්නට ලැබේවි. යුරෝපයේ ආර්ථික තත්වය ඉතා පහල මට්ටමකට පත් වේවි. ඉතාලියේ සශ්‍රීකත්වය ක්‍රම ක්‍රමයෙන් හීන වී යාවි. ඉන්දියාව හා පකිස්ථානය අතර දේශපාලන ගැටුම් තව දුරටත් වර්ධනය විය හැක.
ශ්‍රී ලංකාවේද පාරිසරික විපත් බහුල වේවි. සුළි කුණාටු, ගං වතුර තත්වයට මේ වසරේත් මුහුණ දීමට සිදු වේවි. බුද්ධිය යටපත් වී හැගීම් ආදියට මුල්තැන දීම නිසා හදවත් කම්පනයට පත් කරන සිදුවීම් අසන්නට, දකින්නට ලැබේවි. 2018 වසරේ මාර්තු මස 7 වැනිදා සිට මැයි මාසයේ 2 දක්වා කාලය කුජ, ශනි සංයෝග වීමක් සිදු වෙයි. ඒ කාලය තුල බෝවන රෝග ඉහලයාම, රටේ අනතුරු ඉහල යාම සිදු වේවි.
ග්‍රහණ 5 ක් මේ වසරේ සිදුවීම යහපත් නොවෙයි. ආගමානුකූලව ජිවත් වීම නිසා මේ තත්වයන් මග හරවා ගත හැකිය. ඉතින් ඔබ සැම දෙනාටම ලැබුවා වූ 2018 වසර යහපත් සිතුම් පැතුම් සාර්ථක වන නිරෝගී සම්පත්තිය සපිරි වසරක් වේවා කියා ප්‍රර්ථනා කරමි.
මේෂ ලග්නය
ලග්නාධිපති මෙන්ම යෝග කාරක බ්‍රහස්පති 7 වැන්නේත් ගමන් කරමින් මේ වසර ඔබට උදාවෙයි. ආර්ථික ස්ථාවරත්වයට ඉතා යහපත් වෙයි. ආදායම් මාර්ග කිහිපයක් එළිපෙහෙළි වෙන වසරකි. තමාගේ ව්‍යාපාර කිහිපයක් ආරම්භ කිරීමට හැකියාව ලැබෙයි. වෙළද ව්‍යාපාර දියුණුවට හොඳ වසරකි. පදිංචි ස්ථානවල වෙනස්කම් සිදුවෙයි. නීති කරදර බාධා ගෙනදෙන වසරකි. ලිපි ලේඛන කටයුතු වලදී පරිස්සම් වෙන්න. ඔක්තෝම්බර් 11 වෙනිදා බ්‍රහස්පතිගේ මාරුව සිදු වෙන තෙක් ප්‍රබල මංගල යෝග උදා වෙයි. උදරය හා පපුව ආශ්‍රිතව උෂ්ණාධික රෝග පීඩා ගෙනදෙයි. නිල් වර්ණය හා රෝස වර්ණය සුබ වර්ණ වෙයි. සෑම අඟහරුවදා දිනකම නිර්මාංශ වන්නට උත්සහ කරන්න. මාසයේ පළමුවන බ්‍රහස්පතින්දා බෝධිය නෑවීමට පැන් කළ 7 ක් පූජා කිරීමද වසරේ සුබ සිද්ධියට ඉතා යහපත් වෙයි.
වෘෂභ ලග්නය
ලග්නාධිපති රාජ්‍ය කාරක රවී හා යෝග කාරක සෙනසුරු 8 වැන්නේ ගමන් කරයි. අඟහරු හා බ්‍රහස්පති 6 වැන්නේ ගමන් කරයි. බුධ 7 වැන්නේත්, රාහු 3 වැන්නේත් යෙදෙමින් වසර උදාවෙයි. නිෂ්පල වියදම් බහුල වීමේ හැකියාවක් ඇත. උද්යෝගී බව අවම වී අලස බව ඉහල යයි. එම නිසා සෑම දිනයක්ම උද්යෝගීව ආරම්භ කිරීම වැදගත්. පිටස්තර පුද්ගලයන් තමන්ගේ දැනුමෙන් යුතු ලෙස ප්‍රයෝජන ගනී. නීති කටයුතු වලදී පරිස්සම් වෙන්න. පවුලේ අයගෙන් දුරස් වී කටයුතු කරන්න සිදුවෙයි. පදිංචි ස්ථානවල වෙනසක් සිදුවෙයි. තමන් සමඟ සිටි හිතවතුන් දුරස්වීමට ඉඩ ඇත. මාර්තු 7 සිට මැයි 2 දක්වා කාලය අතර විවාහ වීමේදී කල්පනාකාරී වෙන්න. බෝවන රෝග වලින් ආරක්ෂා වෙන්න. කොළ හා ක්‍රීම් පාට ජය වර්ණ වෙයි. බදාදා සහ සිකුරාදා සුබ දිනයන් වෙයි. මාසයේ පළමු සෙනසුරාදා දිනවල උදැසන 6.40 ත් 6.50 ත් අතර කාලය තුල ලිප ගිනි මොලවා රතු කැකුළු බතක් පිස බත් පාර්සල් 3 ක් යාචකාදීන්ට දෙන්න.
මිථුන ලග්නය
ලග්නාධිපති බුධ 6 වැන්නේ වූ රෝග ස්ථානයේ, සතුරු ස්ථානයේ ගමන් කරන අතර බ්‍රහස්පති, අඟහරු 5 වැන්නේ වූ විද්යා ස්ථානයේ යෝග කාරක සිකුරු, රාජ්‍ය කාරක රවී, සෙනසුරු 7 වැන්නේ රාහු 2 වැන්නේ කේතු 8 වැන්නේ ගමන් කරමින් වසර උදාවෙයි. ආර්ථික ස්ථාවරත්වය නියම ලෙස තබාගත හැකිය. තැන්පත් ධනය වර්ධනය වෙයි. රැකියාවල දියුණුව ඇතිවෙයි. රාහු මහා දශා අතුරු දශා ගතකරන්නන් ආයෝජන කටයුතු වලදී කල්පනාවෙන්. ගෘහ ජීවිතය සාර්ථක වෙයි. තරග විභාග වලින් ජය ඇතිවෙයි. ප්‍රේමය විවාහය ආශ්‍රිතව කටයුතු කරනකොට මාර්තු 7 වෙනිදා සිට මැයි 2 වෙනිදා දක්වා පරිස්සම් වෙන්න. විසබීජ ශරීර ගතවෙයි. සුරතල් සතුන්ගෙන් පරිස්සම් වෙන්න. කහ සහ කොළ පැහැය සුබ වර්ණ වෙයි. බදාදා සහ සිකුරාදා දින දෙක ඔබේ සුබ කටයුතුවලට තබාගන්න. හැකියාවක් තිබේනම් ඔබට මාසයේ පළවැනි බදාදා දිනවල ගණ දෙවියන්ට ඊතන මල්මාලයක් උදැසනම පැළඳවීමෙන් ද සාමනේර හිමි නමකට බෙහෙත්, රසකැවිලි දන් දීමෙන් ද වසර සුබ කරගත හැකිය.
කටක ලග්නය
ලග්නාධිපති සඳු ලග්නයෙන් 12 වැන්නේත්, යෝගකාරක බ්‍රහස්පති හා අඟහරු 4 වැන්නේත්, රාජ්‍ය කාරක රවී, සෙනසුරු හා සිකුරු 6 වැන්නේත්, රාහු ලග්නගතවත් කේතු 7 වැන්නේත් ගමන් කරමින් වසර උදාවෙයි. ආර්ථික තත්වයේ ගැටළු ඇතිවිය හැකිය. කිර්තිය, බලය පැතිරවීමේ සුදුසු වසරකි. දේපල උරුම වෙයි. හදිසි ධන ලාභ අනපේක්ෂිත ආදයම් කිහිපයක් ලැබීමට ඉඩ ඇත. සබදතා අලුත් වීමට ඉඩ ඇත. පවුලේ සතුට වර්ධනයවෙයි. රාහුගේ මහා දශාව අතුරු දශාව ඇති අය කල්පනාකාරී වෙන්න. දරුවන්ගේ ජයග්‍රහණ අසන්න ලැබෙන වසරකි. අස්ථි රෝග හා ස්නායු රෝග බහුල වෙන වසරකි. සුදු සහ ක්‍රීම් වර්ණය සුබ වර්ණ වෙයි. අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා සුබ දිනයන් වෙයි. ඒ වගේම හැකියාවක් තිබේනම් සෑම පුරපසලොස්වක පෝය දිනයකම ශීල ව්‍යාපාර වලට දහවල් දානය පිණිස දිවුල් කිරි ටිකක් දන් දෙන්න. ඔබට අති සාර්ථක වසරක් බවට පත්කරගන්න හැකියාව ලැබේ.
සිංහ ලග්නය
ලග්නාධිපති රවී, සෙනසුරු සිකුරු සමඟ 5 වැන්නේත්, බුධ 4 වැන්නේත්, රාහු 12 වැන්නේත් ගමන් කරමින් මේ වසර ඇරඹේ. ආර්ථිකය කළමනාකරණය කරගතයුතු වසරකි. වැය පාර්ශවය බහුල වීමට ඉඩ ඇත. ණය මුදල් ලබා ගැනීමේදී සහ ලබා දීමේදී කල්පනාකාරී වෙන්න. පවුලේ සමගියට යම් යම් බදා ඇතිවිය හැකිය. දුව දරුවන් පිළිබද සැලකිලිමත් වෙන්න. වියදම් ඉහල යයි. කැළැල් සහිත තුවාල ඇතිවෙයි. මුත්‍රා ආශ්‍රිත රෝග ඇතිවෙයි. රතු, රෝස ජය වර්ණ වෙයි. අඟහරුවදා හා බ්‍රහස්පතින්දා සුබ දිනයන් වේ. සෑම දිනකම ආරම්භයේදී සුර්ය පිරිත, ජය පිරිත වරක් හෝ ශ්‍රවනය කරන්න. වසරේ වැඩ ආරම්භ කරන පළමු ඉරිදා දිනයේදී ධාතු කරඩුවක් වසන ලේන්සුවක් විහාරස්ථානයට පුජා කරන්න. ඔබට අති සාර්ථක වසරක් බවට පත්කරගන්න හැකියාව ලැබේ.
කන්‍යා ලග්නය
ලග්නාධිපති බුධ ලග්නයෙන් 3 වන ස්ථානයෙන් යෝගකාරක සිකුරු, රාජ්‍ය කාරක රවී හා සෙනසුරු 4 වන ස්ථානයේත්, අඟහරු හා බ්‍රහස්පති 2 වැන්නේත්, රාහු ලග්නයෙන් 11 වැන්නේත් ගමන් කරමින් වසර ඇරඹේ. මූල්‍ය ලාභ රැසක් හිමිවෙයි. ධන ලාභ, ලොතරැයි දිනුම් ලැබිය හැකි වසරකි. ගෘහ ජිවිතය සතුටුදායක වේවි. උණ, සෙම් රෝග වලින් පරිස්සම් වෙන්න. කොළ හා කහ වර්ණ සුබ වර්ණ වෙයි. සිකුරාදා හා බදාදා සුබ දිනයන් වෙයි. මාසයේ පළමු බදාදා දිනයේ පහසුකම් අවම දරුවෙකුට පාසල් උපකරණ ලබා දෙන්න හැකියාවක් ලැබුනොත් මේ වසර සාර්ථක වසරක් බවට පත්කරගන්න ඔබට පුළුවන් වේවි.
තුලා ලග්නය
ලග්නාධිපති සිකුරු යෝගකාරක සෙනසුරු හා රාජ්‍ය කාරක රවී සමඟ සංයෝග වී ලග්නයෙන් 3 වැන්නේත්, බුධ ලග්නයෙන් දෙවැන්නේත්, බ්‍රහස්පති හා අඟහරු ලග්නගතවත් ගමන් කරමින් මේ වසර ඇරඹේ. සුබ අසුබ සමව ලැබෙන වසරකි. ආදායම් ලැබෙන වසරක් උනත් ඒවා රඳවා ගැනීමට උත්සාහ කරන්න. මූල්‍ය පාඩු ඇතිවිය හැකියි. රාත්‍රී කාලයේ ගමන් බිමන් යාමේදී කල්පනාකාරී වන්න. ලිපි ලේඛන කටයුතු වලදී පරිස්සම් වෙන්න. ඉවසීමෙන් සැනසීම ලැබෙන වසරකි. නිදන්ගත රෝග නැවත උත්සන්න විය හැකි නිසා සීනි සහිත ආහාර පාලනය කරගන්න. සුදු හා රතු වර්ණ ජය වර්ණ වෙයි. සුබ දිනයන් ලෙස ඉරිදා සදුදා දින හැඳින්වෙයි. මාසයේ පළමු සිකුරාදා දිනවල ලඟම ඇති විහාරස්ථානයට ගොස් හඳුන් කූරු දල්වන භාජන 3 ක් පිරිසිදු කර සුදු වැලි අතුරන්න. මේ වසර සාර්ථක වසරක් බවට පත්කරගන්න ඔබට පුළුවන් වේවි.
වෘශ්චික ලග්නය
ලග්නාධිපති අඟහරු, යෝගකාරක බ්‍රහස්පති සමඟ සංයෝග වී 12 වැන්නේත්, බුධ කේන්දරගත බලයෙන් ලග්නගතවත්, සිකුරු, සෙනසුරු හා රාජ්‍යකාරක රවී ලග්නයෙන් දෙවැන්නේත් ස්ථානගතව ගමන් කරමින් වසර අරඹයි. ආර්ථික ස්ථාවරත්වයට යම් යම් බාධා ඇතිවෙයි. නීත්‍යානුකූල නොවන ව්‍යාපාර වල යෙදීමෙන් වලකින්න. ආයෝජන හවුල් ව්‍යාපාර වලදී කල්පනාවෙන්. ඉවසීම ප්‍රගුණ කලයුතුයි. චරිතයට, කීර්තියට හානි සිදු විය හැකිය. රාහුගේ මහා දසා අතුරු දසා ඇති අය විදෙස් ගතවීමට හොඳයි. හදිසි අනතුරු විපත් පිළිබද අවදානයෙන් සිටින්න. රෝස හා තැඹිලි වර්ණ ජය වර්ණ වෙයි. අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දින 2 ජයග්‍රාහී දින වෙයි. ඔබට හැකියාවක් තිබේනම් සෑම පුරපසළොස්වක දිනකම ශීල ව්‍යාපාරයක හීල් දානයට ඔබේ වයසට ගැලපෙන පරිදි කිරිබත් කෑලි දන් දෙන්න. මේ වසර සාර්ථක වසරක් බවට පත්කරගන්න ඔබට පුළුවන් වේවි.
ධනු ලග්නය
ලග්නාධිපති අඟහරු සමඟ සංයෝග වී 11 වැන්නේත්, සිකුරු හා රාජ්‍යකාරක රවී ලග්නගතවත්, රාහු ලග්නයෙන් 8 වැන්නේත්, බුධ 12 වැන්නේත් ස්ථානගත වෙමින් වසර ආරම්භ වෙයි. ධන හානි මෙන්ම සොර සතුරු කරදර ඇතිවිය හැකිය. සමීපතමයන් වගේම පාරිසරික තත්ත්වයන් නිසා ආර්ථික තත්ත්වය වෙනස් විය හැකිය. කෘෂිකර්මය කරන පිරිස පරිසර තත්වයන් සොයා බලා ආයෝජන කටයුතු සිදු කරන්න. කලකිරීම් පසු තැවීම් වලට ලක්විය හැක්කේ සෙනසුරු ඒරාෂ්ටක තත්වය නිසයි. උස් ස්ථානවල ගමන් කිරීමේදී කල්පනේවෙන් කටයුතු කරන්න. මාර්තු 7 වෙනිදා සිට මැයි 2 දා දක්වා කාලය යන්ත්‍ර සූත්‍ර ආශ්‍රිතව කටයුතු කරන ඔබ ඉතාමත් කල්පනා කාරී වීම වැදගත්. රන්වන් හා කහ පට සුබ වර්ණ වන අතර බදාදා හා ඉරිදා සුබ දිනයන් වෙයි. සවස බෙලිමල් පූජා කරයි නම් බාධා මග හැරෙයි. හැකියාවක් තිබේනම් ශීල ව්‍යාපාර සඳහා උදෑසනට කොළ කැඳත් සවස ගිලන්පසට බෙලිමලුත් පූජා කරන්න. ඔබට සාර්ථක වසරක් බවට පත්කරගන්න පුළුවන් වේවි.
මකර ලග්නය
ලග්නාධිපති සෙනසුරු යෝගකාරක සිකුරු හා රාජ්‍යකාරක රවී සමඟ සංයෝග වී 12 වැන්නේත්, බුධ 11 වැන්නේත්, බ්‍රහස්පති හා අඟහරු 10 වැන්නේත්, කේතු ලග්නගත්ව, රාහු 7 වැන්නේත්, ගමන් කරමින් වසර අරඹයි. වැය පාර්ශවය බහුල වෙයි. පරිහානිය දෝලනය වෙයි. බුද්ධිමත්ව කටයුතු කිරීමේ ආර්ථික වාසි ඇතිවෙයි. පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක්වෙයි. කාන්තා පාර්ශවයෙන් සතුරු කරදර පීඩා ඇතිවෙයි. ආහාර ගැනීමේදී කල්පනාකාරී වෙන්න. නිල් සහ තැඹීලි පැහැය ජය වර්ණ වෙයි. බදාදා සහ සිකුරාදා දින 2 සුබ දිනයන් වෙයි. හැකියාවක් තිබේනම් සෑම අමාවක පෝය දිනකම ඔබේ වයසට ගැලපෙන පරිදි තල තෙල්, අබ තෙල්, එළඟිතෙල්, පොල්තෙල් මිශ්‍රකර පහන් දල්වන්න. සෑම සෙනසුරාදා දිනකම නිර්මාංශ වෙන්න උත්සාහ කරන්න. මේ වසර සාර්ථක වසරක් බවට පත්කරගන්න ඔබට පුළුවන් වේවි.
කුම්භ ලග්නය
ලග්නාධිපති යෝග කාරක සිකුරු, රාජ්‍යකාරක රවී ලග්නගතවත් ගමන් කරමින්, කේතු 12 වැන්නේත්, බ්‍රහස්පති හා අඟහරු 9 වැන්නේත්, ගමන් කරමින් වසර අරඹයි. යහපත් ස්ථාවර ආර්ථික තත්වයන් ඇතිවෙයි. වෙළඳ ව්‍යාපාරවල දියුණුව ඇතිවෙයි. පවුල් පසුබිම සතුටු දායක වෙයි. විනෝද ගමන්, විදේශ ගමන් සාර්ථක වෙයි. තරග විභාග වලින් ජය ගැනීමට හැකිවෙයි. රැකී රක්ෂා ආශ්‍රිතව උසස් වීම් දීමනා ලඟා කරගන්න හැකි වසරක්. උසස් ධාර්මික ගුණාංග වර්ධනය වන වසරක්. ජලය ආශ්‍රිත විපත් වගේම වාත වේදනා ඇතිවෙයි. සිකුරාදා සහ සෙනසුරාදා සුබ දිනයන් වෙයි. නිල් සහ රෝස පැහැය ජය වර්ණ වෙයි. මාසයේ පළමු සෙනසුරාදා දිනවල හඳුන් කුරු දල්වන භාජන පිරිසිදු කරලා සුදු වැලි අතුරන්න. අති සාර්ථක වසරක් බවට පත්කරගන්න ඔබට පුළුවන් වේවි.
මීන ලග්නය
ලග්නාධිපති බ්‍රහස්පති යෝග කාරක අඟහරු සමඟ සංයෝග වී 8 වැන්නේත්, සෙනසුරු සිකුරු හා රාජ්‍යකාරක රවී 10 වැන්නේත්, බුධ ලග්නයෙන් 9 වැන්නේත් ගමන් කරමින් මේ වසර ආරම්භ කරයි. නිසි මූල්‍ය කලමණාකරණය තිබිය යුතුයි. ණය මුදල් ලබා ගැනීමේදී මෙන්ම මුදල් දීමේදී කල්පනා කාරී වෙන්න. කටයුතු කල්දැමීමට සිත් යෙදෙයි. සමීපතම අයෙකුට විපතක් කරදරයක් සිදුවිය හැකිය. අන් අයගේ ඇප සඳහා අත්සන් කිරීමේදී කල්පනාකාරී වන්න. කලට වෙලාවට ආහාර ගැනීම සහ ප්‍රමාණයට ආහාර ගන්න. කහ සහ තැඹිලි වර්ණ සුබ වර්ණයන් වෙයි. අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින දෙක සුබ දින වෙයි. හැකියාවක් තිබේනම් බ්‍රහස්පතින්දා දිනවල ගිලන් වූ භික්ෂුවකට බෙහෙත් ද්‍රව්‍ය ලබාදීමෙන් මේ වසර අති සාර්ථක වසරක් බවට පත්කරගන්න පුළුවන්.













