Bookmark
ජ්‍යෝතිෂ්‍ය ලිපි
තට්ටු ගෙදරකදී වුනත් පාරම්පරික චාරිත්‍ර ඉටු කරන අයුරු
සිංහල අවුරුදු කියන රාමුව ඇතුළේ ඇති සම්ප්‍රදාය හැකි තරම් ආරක‍ෂා කරගෙන අපේ දරුවන් පරම්පරාවට පුරුදු කරමින් අපි අනුගමනය කළ යුතු ය. ඒ චාරිත්‍ර අනුගමනය කළේ නැත්නම් ඊළඟ පරපුරට ඒක පවතින්නේ නැහැ. අපේ මුතුන්මිත්තෝ පැවතගෙන අපු නිසා තමයි අද අපි කරන්නේ. අපි මේක අත්හැරියොත් ඊළඟ පරම්පරාව මුකුත් ම දන්නේ නැහැ. එවිට අවුරුදු දහස් ගණනක උරුමයක් ඉතා කැමැත්තෙන් අප අත්හැරියා වනවා. ඒක අපේ සංස්කෘතියකට කරන්න පුළුවන් විශාල ද්‍රෝහිකමක්. අනෙක් පැත්තෙන් ගත්තොත් අද සමාජය විශාල තාක‍ෂණික වෙනසකට ලක්වෙලා තිඛෙනවා. ඒ වෙනසත් එක්ක අපේ මේ සංස්කෘතිය ගලපාගැනීමේ හැකියාව අපට තියෙන්න ඕනේ. උදාහරණ කීපයක් ගැන අප සළකා බලමු. තව කියවන්න
සාර්ථක විවාහයක් සඳහා උපදෙස්
විවාහය යන වදනෙහි විශ්වාසය,වාසනාව,හදවත්වල බැඳීම, යහපැවැත්ම යන අර්ථ අන්තර්ගතව සෑදී ඇත. විවාහ වන වයසේ තරුණ තරුණියන්ගේ එකම සිහිනය වන්නේ තමන් ආදරය කරන තම පෙම්වතා හෝ පෙම්වතිය සමග යහපත් අනාගතයක් ගොඩනඟා ගැනීමට යුග දිවියට පිවිසීමය. එසේම මවුපියන්ටද ඇති එකම බලාපොරොත්තුව වන්නේත් තම දුව හෝ පුතා දුකක් කරදරයක් නැකිව ජීවත් වනු දැකීමය. මෙම සිද්ධි මුල්කරගෙන සිදුවන විවාහයේ ප්‍රධානතම සාධකය වන්නේ විවාහය සඳහා දින නියම කරගැනීමත්, මුහුර්ත සෑදීමත්ය. ජීවිත දෙකක් එක වහලක් යටට පිවිසීමේ මෙම අතිශය වැදගත් කර්තව්‍යයට ශ=භ මුහුර්ත එසේත් නැතිනම් නැකැත් සෑදීමේදී ඔබේ අවධානයට යොමු කළ යුතු වැදගත් කරුණු කිහිපයක් පාඨක ඔබට දැක්වීමට සිතුවෙමි. තව කියවන්න
ග්‍රහ අපල වලින් මිදෙන්න වත් පිළිවෙත්
මේ ගතවෙන්නෙ, ග්‍රහ මාරුවීම, ග්‍රහ වක්‍රවීම්, ග්‍රහ යුද්ධ සංක්‍රාන්ති නරන්තරයෙන් සිදුවන කාලයකි. මේ නිසාම ඒ ඒ පුද්ගලයන්ගේ හඳහන්වල ග්‍රහ බලපෑම් ද නිරන්තර වෙනස්වීමකට ලක් වේ. එහෙත් හඳහනේ යම් ග්‍රහ දෝෂයක් සඳහන් වන්නේ නම් ඊට අදාළ වත් පිළිවෙත් ඉටු කිරීමෙන් සිදුවිය හැකි හානි අවම කරගත හැකි ය. මෙහි සඳහන් වන්නේ ඒ ඒ ග්‍රහ දෝශයට අනුව කළ යුතු එම වත්පිළිවෙත් ය. තව කියවන්න
කාන්තා කේන්ද්‍රයක අඟහරු බලවත්වීම අසුබද?
අඟහරු 7 බලවත් වීම. සහකරුට මාරකයක් කියා අනියත බියක් ඇති කර ගන්න එපා. ග්‍රහ ලොවේ සෙන්පති ලෙසින් හැඳින්වෙන අඟහරු මංගල, භෞම කෘෘර,අංගාර,අංගාරක,රක්ත ආවනේය, භූමිසුත, යන නම් වලින් ද හැඳින්වේ. පුරාණ ඍෂිවරුන් භූමි පුත්‍ර යන නමින්ද හැඳින් වේ. එසේම අඟහරු මේෂ හා වෘශ්චික ලග්නවලට අධිපතීත්වය දරනු ලබන අතර මුවසිරස, සිත, දෙනට යන නැකැත්වලට අධිපතීත්වය දරනු ලබයි. අඟහරුගේ බලවත් වීම මත පංච මහා පුරුෂ යෝගයක් වන රැඩක යෝගයද යෙදේ. එහෙත් කාන්තාවකගේ කේන‍ද්‍රයක අඟහරුගේ පිහිටීම ඉතා වැදගත් තැනක් ගනී. ඒ තුළ විශේෂයෙන් විවාහ අපේක‍ෂිත කාන්තාවන්ට අඟහරුගේ පිහිටීම මත විවිධාකාර තත්වයන්ට මුහුණ දීමට සිදුවේ. කේන‍ද්‍රයක 7 වැන්නේ අඟහරු පිහිටීම ලග්නයේ අඟහරු පිහිටීම ඉතාම අසුභ පිහිටීම ලෙස සමහරු සලකති. තව කියවන්න
අඟහරු 7 හිටියොත් කසාදය ඉවරද?
ග්‍රහ ලොවේ සෙන්පති ලෙසින් හැඳින්වෙන අඟහරු මංගල, භෞම කෘර, අංගාර, අංගාරක, රක්ත ආවනේය, භූමිසුක යන පර්යාය නාම වලින් හඳුන්වනු ලබන අතර පුරාණ ඍෂිවරුන් විසින් "භූමිපුත්‍ර" නමින්ද හඳුන්වනු ලැබිණි. තවද පුරාණ රෝමවරුන්ගේ මතයට අනුව යුද්ධයට අධිපති දේවතාවා ලෙසත්, බයිබලයේ කියවෙන ආකාරයට යක‍ෂයා ලෙසත් හින්දු ආගමේ කියැවෙන ආකාරයට "ස්කන්ධ දේවතාවා" ලෙසත් තාරකා විද්‍යා මතයට අනුව "රතු ග්‍රහයා" ලෙසත් හඳුන්වනු ලබන්නේත් අඟහරු හෙවත් කුජ ග්‍රහයාය තව කියවන්න
සිටුවරයෙක් හෝ දිළින්දෙක් බිහිකරන ළිඳ
ජලය මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වනවා වගේම එය නිරෝගී බව සහ පිරිසිදු බව රැකගැනීමටත් ඉවහල් වෙනවා. නිවෙසකට ජලය ලබාදෙන ළිඳ එහි සෞභාග්‍ය උදාකරනු ලබන සාධකයක්. ඔබ පදිංචියට තෝරාගන්නා ඉඩමේ තිඛෙන ළිඳ තුළින් වාසනාවන්ත බව උදාකරගත හැකි අතර ඒ පිළිබඳ දැනුම්වත් නොවීමෙන් තද බල අහිතකර තත්ත්වයක්ද ගෙනදේ. පැරැණි ඍෂිවරුන්ගේ මතයන්ට අනුව ගෘහමූලිකයාව දිළින්දෙක් ඒ වගේම සිටුවරයෙක් කිරීමේ හැකියාවද ළිඳකට තිඛෙන බවත් පැවසෙනවා තව කියවන්න
කුළියට ගන්නා පෝරුවකට නගිනවා නම් මේ ගැනත් සිතන්න
පෙර කල විවාහ ක්‍රමවලදී යෝජිත විවාහයන් බහුල වුණ අතර එහිදී විවාහයේ අවසාන විනිසුරු වූයේ ජෝතීෂවේදියාය. ඔහු විසින් යෝජිත විවාහ අපේක‍ෂිත යුවළගේ ජන්ම පත්‍ර පරීක‍ෂා කොට, පොරොන්දම් ග්‍රහ ගැළපීම් පිළිබඳ විමසිලිමත්ව ශුභ අශුභ බව විවාහ වීමට යෝග්‍ය දින වකවානු තීරණය කරන ලදි. එහෙත් අද ප්‍රේම සම්බන්ධතා මුල්කරගෙන කරනු ලබන විවාහ වලදී අවසාන වශයෙන් පිළියෙල කරනු ලබන නැකැත් සෑදීමට පමණක් ජ්‍යොතිෂයේ පිහිට පැතීම දක්නට ලැබේ තව කියවන්න
කෝණ මාස වලට වෙට්ටු දමා ජීවිතය අවුල් කරගන්න එපා
සෙන්පති ලෙසින් හැඳින්වෙන අඟහරු මංගල, භෞම කෘර, අංගාර, අංගාරක, රක්ත ආවනේය, භූමිසුක යන පර්යාය නාම වලින් හඳුන්වනු ලබන අතර පුරාණ ඍෂිවරුන් විසින් "භූමිපුත්‍ර" නමින්ද හඳුන්වනු ලැබිණි. තවද පුරාණ රෝමවරුන්ගේ මතයට අනුව යුද්ධයට අධිපති දේවතාවා ලෙසත්, බයිබලයේ කියවෙන ආකාරයට යක‍ෂයා ලෙසත් හින්දු ආගමේ කියැවෙන ආකාරයට "ස්කන්ධ දේවතාවා" ලෙසත් තාරකා විද්‍යා මතයට අනුව "රතු ග්‍රහයා" ලෙසත් හඳුන්වනු ලබන්නේත් අඟහරු හෙවත් කුජ ග්‍රහයාය තව කියවන්න
ජ්‍යෝතිෂ්‍ය ලිපි, articles, Hiru FM, සූර්ය දැහැන, Soorya Dahana, Astrology, Palapala, Kendare, Kendraya, Horoscope, Rahu Time, Auspicious Time, Architechture, Wasthu
Top