
නිශාන්ත පෙරේරා මහතා
ඉදිරිපත් කරයි.මේෂ ලග්නය
රාශී චක්‍රයේ පළවෙනිම රාශිය වූ මේෂ ලග්නයෙන් උපන් ඔබත් බලාගෙන ඇති 2019 වසර ඔබට කොහොමද කියලා.ඔබේ ලග්නාධිපති සුපුරුදු පරිදි දොළොස්වැන්න වූ අයස්ථානගතව සෙනසුරුට අයත් උත්‍ර පුටුප නැකතින් යුතුව තැන්පත් වෙලා තමයි ගමන් ආරම්භ කරලා තියෙන්නේ. අයස්ථානගතව ලග්නාධිපතිගෙ පිහිටීම එතරම් ශුභ තත්වයක් නෙමෙයි මේෂ ලග්න හිමියන්ට පෙන්නුම් කරන්නේ. ඒ වගේම තමයි යෝගකාරක බ්‍රහස්පති වසර අවසානය දක්වාම ලග්නයෙන් අටවැන්න වූ බාධකස්ථානව ගමන් කරනවා. විශේෂයෙන්ම මූල්‍ය ස්ථාවරත්වයන් පිලිබදවත් මේෂ ලග්න හිමියන් කල්පනාකාරී වන්න. මොකද මූල්‍ය ස්ථාවරයන්ට යම් යම් බාධා ඇති කරනවා.මොකද තමන් සන්තකයේ තිබෙන දේවල් අන්සතු වීම්, නැති වීම් වැනි තත්වයන් ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි රැකි රක්ෂා ආශ්‍රිතව පවා වෙනදට වඩා කාර්ය බහුලත්වය ඇති කරනවා. හැබැයි ඒ කාර්ය බහුලත්වය තුලින් තමන් ලබන්නා වූ පන්නරය තමන්ගේ රැකිරක්ෂා දියුණුවට හේතු වෙනවා.ඒ වගේම තමයි තමන්ට අය වෙන්නට තිබුනා වූ යම්කිසි කරුණු කාරණා, මිල මුදල් පසු ගිය කාලය පුරාවට මගහැරී තිබුනා නම් ඒ තත්වයන් ලඟා කරගන්න මේෂ ලග්න හිමියන්ට අවකාශය ලැබෙන වසරක් ලෙස මේ වසර හඳුන්වන්න පුළුවන්. යුග ජීවිතයේදී කරදර බාධාදිය ගෙනදෙන්න පුළුවන්. නොයෙකුත් හැල හැප්පීම් මධ්‍යයේ තමයි යුග ජීවිතය ගෙන යාමට සිදු වෙන්නේ.ඒ වගේම තමයි පවුලේ සතුට සමගියට බාධා ගෙන දෙන්න පුළුවන්.ආවේගශීලී කතාබහ නම් ඔබ පරිස්සම් කරගන්න ඕන බව නම් අමතක කරන්න එපා. අස්ථාන චෝදනා ටිකක් බහුල කරනවා. බොහෝ විට නොකල වැරදි වලට පවා තමන්ට චෝදනා ලක්වෙන්න පුළුවන්. උපේක්ෂා සහගත බව, ඉවසීම, ප්‍රගුන කරගන්නා තරමට තමයි මේ වසරේ ජයග්‍රහණ අත්පත් කරගැනීමේ හැකියාව පවතින්නේ. උසස් අධ්‍යාපන කටයුතු විදේශ අධ්‍යාපන කටයුතු බලාපොරොත්තු වන මේෂ ලග්න හිමියන්ට සුවිශේෂී වසරක් බවට 2019 හඳුන්වන්න පුළුවන්. සෞඛ්‍ය අතින් ගත් කල පෙනීමෙන් ඇතිවන දුර්වලතා වගේම පිත් කෝප වීමෙන් ඇතිවන දෝශ පීඩා ඔබට ගෙන දෙනවා. ඇස් දෙක, ඇස් දෙක වගේම පරිස්සම් කරගත්තොත් තිබෙන්නා වූ අවහිරතා මගහරවා ගන්න පුළුවන්. බදාදා ඉරිදා දින දෙක ඔබේ ශුභ කටයුතු වලට තබාගන්න. ජයග්‍රාහී වර්ණ වන්නේ රතු පාට සහ නිල් පාට. තිබෙන්නා වූ අනිටු ප්‍රතිඵල මගහරවා ගන්න,හැකියාවක් තිබේ නම් මාසෙ පළමුවෙනි බ්‍රහස්පතින්දා අසනීපයෙන් සිටින භික්ෂුවකට බෙහෙත් ද්‍රව්‍ය ආහාරපාන දන් දීලා බලන්න. අනිවාර්යයෙන්ම 2019 වසරේ තිබෙන්නා වූ අහිතකරතා මඟහරවාගෙන අති සාර්ථක වසරක් බවට 2019 පත් කරගන්න පුළුවන්.
වෘෂභ ලග්නය
සුපුරුදු පරිදි මේ වසරත් සෙනසුරු ගමන් කරන්නේ 8 වැන්නේ. ලග්න අශ්ටම ඒරාෂ්ටකය මේ වසරෙත් පවතින බව අමතක කරන්න එපා. ඒ වගේම තමයි ලග්නාධිපති වසර ආරම්භ වෙද්දි බ්‍රහස්පතිට අයිති වීසා නැකතින් තුලා රාශිගතව බලවත් වෙලා තියෙදිද්දි තමයි මේ වසර උදා වෙන්නේ. ආදායම් මාර්ග වලට නම් එතරම් සුභ වසරක් විදියට හඳුන්වන්න බෑ. මොකද ලග්නාධිපතිත් හයවැන්න ගමන් කරන නිසා බොහෝ විට ඔබ විසින් සුළුවෙන් සලකන දේවල් මහා පරිමාණ ලෙසින් ඔබට පාඩම් කියාදෙන වසරක් ලෙස මේ වසර හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබ ඉදිරියේ මතුවන්නා වූ අභියෝග ඔබ එතරම් ගනන් නොගෙන හිඳීම නිසාවෙන් අවස්ථා මගහැරීයාමට ඉඩකඩ තියනවා. අමතක කරන්න එපා පැරණි ණය ගනුදෙනු ආශ්‍රිතව යම් යම් කරදර බාධා ගෙන දීමේ ඉඩකඩ තියනවා. හවුල් ව්‍යාපාරාදී කරන වෘෂභ රාශි හිමියන් තරමක් කල්පනකාරී වන්න.අනපේක්ෂිත කරදර බාධා වගේම මූල්‍යපාඩු සිදු වීමේ ඉඩකඩ තියනවා.හැබැයි විදේශ ගත ගමන් බිමන් විදේශ ගත ව්‍යාපාර ආදී කටයුතු කරන වෘෂභ ලග්න හිමියන්ට සුවිශේෂී වරප්‍රසාද අත්පත් කරගන්න පුළුවන්. ප්‍රධානීන් අතර නම් මත ගැටුම් රැකිරක්ෂා ආශ්‍රිතව ගෙන දෙන්න පුළුවන්. කාගෙවත් අවශ්‍යතා අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රධානීන් සමඟ අරගල කරන්න යෑම නම් සුදුසු නෑ. යුග ජීවිතය අතින් ගත් කල තමන් ගත කරන ජීවන රටාවේ යම් යම් පහත වැටීම් ගෙන දෙන්න පුළුවන්. බොහෝ විට සෞඛ්‍යය තත්වයන් වල අනපේක්ෂිත අවහිරතා ඔබටත් ඔබේ පවුලේ උදවියටත් ගෙන දෙන්න පුළුවන්. නිශ්ඵල වියපැහැදම් ඒ සදහා වැය වෙන්න පුළුවන්. ඒ නිසා නිරෝගීභාවයට වැඩි අවධානයක් යොමුකල යුතු වසරක් හැටියට 2019 වසර හඳුන්වන්න පුළුවන්.
අධ්‍යාපනය අතින් ගත්කල තරඟකාරී කටයුතු සම්මුඛ පරීක්ශණ ආදියට සූදානම් වෙනකොට පෙර පුහුණුව නම් අනිවාර්යෙන්ම වැදගත් බව සිහි තබා ගන්න. සෙනසුරුගේ ඒරාශ්ටක තත්වයන් නිසාවෙන් අස්ති ආශ්‍රිත රෝග පීඩා තමයි බහුල කරන්නේ. වැටීම්, තැලීම්, කැලලි සහිත තුවාල ඇති වීමේ ඉඩකඩ තියනවා. ඒ නිසා උස් ස්ථාන, තෙත් ස්ථාන වල ගමන් කරද්දි කල්පනාකාරීව කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි 2019 වසර කියන්නෙ වෘෂභ ලග්න හිමියන්ට සුවිශේෂී වසරක්. ඔබ අහලා ඇති ගොඩක් අය බුලත් කාලා කෙල ගහද්දි තවත් අය බුලත් දීලා වඳිනවා. ඒ වගේම තමයි 2019 වසර බොහෝ පිරිසක් ඔබව ප්‍රතික්ෂේප කරද්දි තව පිරිසක් ඔබව වැළඳගන්න පුළුවන්. ඒ නිසා පොදුවේ සෑම දෙනාම ඔබව වැළඳගන්නා ආකාරයටම කටයුතු කිරීම තරයේ සිහිතබාගෙන කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. මේ වසරේ ජයග්‍රහණයන් පතා කටයුතු කරනවා නම් සිකුරාදා ඉරිදා දින 02 සුබ කටයුතු වලට තබාගන්න. කහ සහ සුදු වර්ණ ජයග්‍රාහී වර්ණ ලෙස තබා ගන්න. පුලුවන්කමක් තියෙනවා නම් තිබෙන්නා වූ අහිතකරතා වගේම සෙනසුරුගේ අශ්ඨම ඒරාශ්ටක අපලයෙන් යෙදෙන්නා වූ අහිතකරතා මගහරවා ගන්න මාසෙ පළවෙනි සෙනසුරාදට ඔබගේ උසට කහ මල් මාලාවක් අමුණලා මුලට සහ අගට නිල් මල් 07 බැගින් අමුණලා ඒ මල් මාලාව බෝධියෙ නැගෙනහිර පැත්තක අත්තක එල්ලලා බෝධිපූජාවක් කරලා ඔබට ආශිර්වාද ලඟාකරගන්න. අනිවාර්යෙන්ම ඔබ දරන්නා වූ ප්‍රයත්නයට සාර්ථක ප්‍රතිඵල ලඟා කරගන්න පුළුවන් යහපත් වසරක් බවට පත් කරගන්න පුළුවන්.
මිථුන ලග්නය
තුන් වන රාශිය වූ මිථුන ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බුධ. එකී බුධ, බුධටම අයත් දෙට නැකතින් යුතුව ලග්නයෙන් හය වැන්න වූ දෙට නැකතින් යුතුව ලග්නයෙන් හයවැන්න වූ වෘශ්චික රාශි ගතවත් ඥානකාරක බ්‍රහස්පති සමඟ සංයෝග වෙලා ගමන් කරමින් තමයි 2019 වසර ඔබට තිලිණ කරන්නේ. විශේෂයෙන්ම මිථුන ලග්න හිමියන්ට නම් යහපත් අවුරුද්දක් හැටියට 2019 වසර හඳුන්වන්න පුළුවන්. තමන්ට වස්තු ලාභ මූල්‍ය ලාභ වගේම රැකිරක්ෂා ලාභ ලඟාකරගන්නත් යහපත් වසරක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. උසස් වීම් බලාපොරොත්තු උනා නම් ඒ උසස් වීම්, තමන්ට ලඟා කරගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම ප්‍රධානීන් අතර තිබෙන්නා වූ උණුසුම් පිලිගැනීම් නිරන්තරයෙන් පවතින වසරක් හටියට හඳුන්වන්න පුළුවන්. නව ආදායම් මාර්ග කීපයක් පවා එළිපෙහෙළි වනවා. ඒ වගේම තමයි මෙතුවක් කල් තමන් බලාපොරොත්තු උනා නම් ස්වාධීන වශයෙන් තමන්ගෙ කරන ව්‍යාපාරයක්, එහෙමත් නැතිනම් සුළුවෙන් පටන් ගත්ත ස්වයං රැකියාවක් අනිවාර්යෙන්ම සාර්ථක වෙන කරදෙන වසරක් 2019 වසර කියන්නේ. ගෘහ ජීවිතය අතින් ගත්කල පවුලේ සතුට සැනසුම සහජීවනය වාසනාව ගෙන දෙනවා. ගේ දොර ඉඩකඩම් යාන වාහන ලැබීම් වලටත් ඉතාමත් සුභයි. දරු ශිෂ්‍ය ලැබීම් වලටත් ඉතාම ශුභයි. පිරිමි දරුවන් අපේක්ශා කරනු ලැබූ මිථුන ලග්න හිමියන්ට තමන්ගේ සුභ සිහින සැබෑකරන යහපත් වසරක් හැටියට 2019 හඳුන්වන්න පුළුවන්. ඒ වගේම විවාහාදී කටයුතු ප්‍රමාද වෙච්ච මිථුන ලග්න හිමියන්ට හිතවතුන්ගේ මාර්ගයෙන් ප්‍රබල මංගල යෝග ඇති කරන වසරක් හැටියටත් 2019 හඳුන්වන්න පුළුවන්. ගැඹුරු ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනය කරන අයට සුවිශේෂී වරප්‍රසාද අත්පත් කරගන්න පුළුවන්. උසස් අධ්‍යාපනයේ නිරත වන මිථුන ලග්න හිමි දුවා පුතුන්ට අලුත් විෂය ධාරාවන් අලුත් විෂය කරුණු අධ්‍යයනයට පවා අවකාශය ලැබෙන වසරක් ලෙස සැලකීමේ ඉඩකඩ පවතිනවා. ඔබගේ සාර්ථකත්වයට යම් යම් බාධා ඇති කරන්න ඔබ අවට සිටින පිරිස් උත්සාහා දරාවි. ඒ සාර්ථකත්වයට බාධා කරන්නට ඉඩ නොදී බුද්ධිමත්ව කටයුතු කිරීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. විශේෂයෙන් ඔබ අවට සිටින අය සතුට සොයාගෙන යන්න ඔබව පොලඹවන්න පුළුවන්. ඔබ ජීවිතය සොයාගෙන යන්න. එවිට ජීවිතයෙ සාර්ථකත්වය අත්වින්දට පස්සෙ සතුට ඔබ පිටුපසම මුලු වසර පුරාවටම රැදේවි. අමතක කරන්න එපා මිථුන ලග්නයෙන් උපත් ඔබ උදරාගත ආබාධ, අක්මා ආශ්‍රිත රෝග පීඩා වැලදෙන්න පුළුවන්. එවැනි සුලු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. බදාදා බ්‍රහස්පතින්දා දින 02 ඔබේ ශුභ කටයුතු වලට තබාගන්න. කොල සහ කහ වර්ණ තමයි මේ වසරේ ජයවර්ණ. ඔබටත් හැකියාවක් තිබේ නම් සෑම මසකම පළමුවන බදාදා දවස්වල සාමනේර භික්ෂුවකට පොතක් පැන්සලක් චොක්ලට් එකක් අධ්‍යාපනයට අවශ්‍ය බඩුබාහිරාදිය රස කැවිලි බෙහෙත් ද්‍රව්‍ය දන් දෙන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම 2019 වසර සදා අමතක නොවන වසරක් හැටියට පත්කරගන්න පුළුවන්.
කටක ලග්නය
කටක ලග්නයෙන් උපන් ඔබත් බලාගෙන ඇති 2019 වසර ඔබට කොහොමද කියලා. මේ වසර ආරම්භ වෙන්නෙ කටක ලග්නයෙන් ලග්නාධිපති සඳු ලග්නයෙන් හතරවැන්නේ බලවත් වූ සිකුරු සමඟ සංයෝග වෙලා ගමන් කරමින්. ලග්න ගතව රාහුත් ලග්නයෙන් හතර වැන්නේ කේතුගේ ගමනත් දක්නට පුළුවන්. විශේෂයෙන් ලග්නාධිපති සිකුරු සමඟ සංයෝග වීම බොහෝ විට සතුට සැනසුම සෞභාග්‍ය ඇති කරන වසරක් ලෙසට කටක ලග්න හිමියන්ට පහසුවෙන් පත් කරගන්න පුළුවන්. විටින් විට හැල හැප්පීම් වලට මුහුණ දුන්නත් ඒ සියලු හැලහැප්පීම් වලට මුහුණ දීමට අවශ්‍ය බලය ජවය ශක්තිය කටක ලග්න හිමියන්ට නොඅඩුව ලැබෙන වසරක් තමයි 2019 කියන්නේ. ධනය අතින් ගත් කල තමන්ට අයිතිවාසිකම් පිලිබදව තිබුනු කාරණා නිරාකරණය කරගන්න, උරුම ලඟා කරගන්න ඉතාමත් යහපත් වෙනවා. ඒ වගේම තමයි රැකිරක්ෂා ආශ්‍රිත උසස් වීම්, දියුණුවට යහපත්. විදේශගත අධ්‍යාපන, විදේශගත රැකියා, විදේශගත පදිංචීන් බලාපොරොත්තු වෙච්ච කටක ලග්න හිමියන්ගෙ බලාපොරොත්තු අනිවාර්යෙන්ම සඵල කරගන්නට පුළුවන්. ගෘහ ජීවිතය අතින් ගත් කල ගේ දොර ඉඩකඩම් යානවාහන ලැබීම් වලට ශුභයි. ඒ වගේම තමයි ගේ දොර නවීකරණය කරන්න බලාපොරොත්තුවෙන් පසු ගිය කාලය පුරාම කල් මර මර හිටියා නම් ඒ සිහිනය යතාර්ථයක් කරදෙන්න 2019 සූදානම් බව කටක ලග්න හිමියන් අමතක කරන්න එපා. දුවා දරුවන්ගෙ අධ්‍යාපන ජයග්‍රහණ අනාගත කටයුතු සඵල වීම පිලිබදව සතුටු වීමේ ඉඩකඩක් කටක ලග්න හිමියන්ට නොඅඩුව පවතිනවා.ප්‍රාථමික අධ්‍යාපන කටයුතු වල නිරත වන දුවා දරුවන්ගෙ ජයග්‍රහණ ඉහල මට්ටමකින් පවත්වා ගෙන යන්න පුළුවන් තාක්ෂණික, කාර්මික අංශ වල අධ්‍යාපන කටයුතු වෘත්තීමය කටයුතු කරන උදවියට සුවිශේෂී වරප්‍රසාද ගෙන දෙනවා. ඒ වගේම තමයි කැලලි සහිත තුවාල, තැලීම් වැනි තත්වයන්ට ලක් වෙන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර ආශ්‍රිතව මෙන්ම, රථවාහන ආශ්‍රිතව ගමනේදි බිමනෙදි වඩාත් කල්පනාකාරී වෙන්න. කටක ලග්න හිමියන්ට සතුට සැනසුම සෞභාග්‍ය උච්ඡාවචනයන්ගෙන් ආරම්භ වන්නා වූ 2019 වසර, මං පුංචි දෙයක් කියන්නම්, දුප්පත් කමක් තියනවා නම් අවංක වන්න. ධනවත් වුනොත් සරල වෙන්න. බලය තිබුනොත් විනීත වෙන්න. කෝපය ආවොත් නිහඬ වෙන්න.අති සාර්ථකත්වය ඔබට ලැබේවි. ඉරිදා සඳුදා දින දෙක ශුභ කටයුතු වලට තබා ගන්න. සුදු සහ ක්‍රීම් තමයි ජයග්‍රාහී වර්ණ. පුර පසලොස්වක පොහොය දිනක පෙහෙවස් සමාදන් වෙච්ච උවැසියකට දුර්වර්ණ ඇදුම් තියෙන කෙනෙක් බලලා සිල් රෙද්දක් පූජා කරන්න. පිවිතුරුබව 2019 වසරේදී කටක ලග්න හිමියන්ට ලඟා කරගන්න පුළුවන්.
සිංහ ලග්නය
පස්වන රාශියේ උපන් සිංහ ලග්න හිමියන් බලගෙන ඉන්නේ 2019 වසර ඔබට කොහොමද කියලා නේද? ගෙයක් හදන්න වැලි ඕන උනාට ගෙවල් හැදුවට පස්සේ ගෙවල් ඇතුලට වැලි එනවට කව්රුත් කැමති නෑ. මේකත් සිහි තබාගෙන සිංහ ලග්නයෙන් ඔබ 2019 වසරට සූදානම් වීම තමයි වැදගත් වෙන්නේ. ලග්නාධිපති සෙනසුරුත් එක්ක සංයෝග වෙලා ධනු රාශිගතව ගමන් කරනවා. ලග්නාධිපති ගමන් කරන්නේ සිකුරුට අයත් පුවසල නැකතින් බවත් මතක් කිරීම වැදගත් වෙනවා. හැබැයි සෙනසුරුත් එක්ක සංයෝග වෙලා ගමන් කරන මේ වසර තුල සිංහ ලග්න හිමියන්ට අධික වෙහෙස මහන්සි වෙලා වැඩ කටයුතු කරන්න සිද්ධ වේවි. නව ආදායම් මාර්ග අඩු වීම ඇති කරන නිසාවෙන් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න. තමන්ට තිබුනා වූ පිළිගැනීම් ශාක්‍යතාවය තිබුනා වූ ආත්ම විශ්වාසය තරමක හීනවන ආකාරයේ කරුණු කාරණා ගෙන දෙන්න පුළුවන්. කලකිරීම් පසුතැවීම් වැනි තත්වයන්ට ලක් වෙන්න පුළුවන්. බුද්ධිමත් උපේක්ෂා සහගතව 2019 වසරට මුහුණ දීම තමයි වැදගත් වෙන්නේ. රැකි රක්ෂා ආශ්‍රිත පිරිහීම් ස්ථානමාරු තෘප්තිය හීනවීම් වැනි තත්වයන්ට ලක් වෙන්න පුළුවන්. හැබැයි බුද්ධිමත් සිතින් යුතුව සෑම දෙයකටම උපේක්ෂාශිලීව මුහුණ දෙන්න. එවිට ලුහුඩුකම් දින සති මාස කීපයක් ඇතුලත මග හරවා ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. ගෘහ ජීවිතය අතින් ගත කල කඩවීම මතභේදකාරී තත්වය ඇති වීමේ ඉඩකඩ තියනවා. ඒ වගේම ආදරවන්තයින්ටත් එතරම් හිතකරකාරී වටපිටාවක් නෙමෙයි පෙන්නුම් කරන්නේ. අදහස්වල පරස්පර වීරෝධී තාවයන් මත ගැටුම් කාරී තත්වයන් බහුල කරන්න පුළුවන්. සෑම දෙයක් ගැනම ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්. තමන් කොතරම් යහපත් දේ කලත් ඊට අන් අයගේ යහපත් ප්‍රතිචාර නොලැබෙන්න පුළුවන්. ඒ නිසයි සිංහ ලග්න හිමියන්ට ආරම්භයේදීම මතක් කලේ ගේ හදලා ඉවර උනාට පස්සේ වැලි එනවට ගොඩක් අය කැමති නෑ කියලා. ඒ තත්වයන් සිහිතබා ගත්තොත් තිබෙන අවහිරතා මගහරවා ගන්න පුළුවන්. අධ්‍යාපානය අතින් ගත්කල විශේෂයෙන්ම තෙවන පාර්ශවයන් තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති කරන්න පුළුවන්. වයසට වඩා වැඩිමහල් අය ඇසුරු කරන සිංහ ලග්න හිමි දුවා පුතුන් ඒ පිළිබද වැඩි අවධානයක් දෙන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. ලේ ආශ්‍රිත රෝග පීඩා වගේම හෝමෝන ක්‍රියාකාරිත්වය පිළිබදවද යම් යම් අඩු ලුහුඩුකම් මතු කරන්න පුළුවන්. සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වැදගත් වෙනවා. ඉරිදා සඳුදා දින දෙක ඔබේ ශුභ කටයුතු වලට තබා ගන්න. රතු පැහැය තමයි ජයග්‍රාහී වර්ණය. මේ වසරේ තිබෙන්නා වූ අනිටු ප්‍රතිඵල අවම කරගන්න ඔබට හැකියාවක් තිබේ නම් මාසේ පළවෙනි ඉරිදා ඔබේ දකුණු අතේ වියතේ උසට සරිලන ආකාරයට පෙරහන්කඩ ගොටු 09 ක් මහලා ලඟම ඇති විහාරස්ථානවලට පුජා කරන්න. අනිවාර්යෙන්ම සාර්ථක වසරක අසිරිය සිංහ ලග්න හිමියන්ට ලඟා කරගන්න පුළුවන්.
කන්‍යා ලග්නය
හයවන රාශිය වූ කන්‍යා ලග්න හිමියන් 2019 වසර කොහොම වේවිද කියලා බලාගෙන ඇති. කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධ බුධටම අයත් නැකතින් යුතුව තැන්පත් වෙලා ගමන් කරන්නේ බ්‍රහස්පති එක්ක වෘශ්චික රාශිගතව. ඒ කියන්නෙ ඔබේ ලග්නෙන් තුන් වැන්න වූ වික්‍රමස්ථානයේ. ඉතාමත් යහපත්. ලග්නයෙන් දෙවැන්නේ තමයි යෝගකාරක සිකුරු බලවත් වෙලා ඉන්නෙ, රාජකාරක රවිත් එක්ක. සියලුම ළගා කර ගැනීම් ඒ වගේම තමන්ගෙ සියලුම අයවීම් සියලුම ලැබීම් ඉතාමත් යහපත් ලෙස සිදද කරගන්න පුළුවන් අවුරුද්දක් විදියට 2019 හඳුන්වන්න පුළුවන්. ධන ලාභ ඇති කරනවා. ලොතරැයි වාසනා ආදිය උරගා බලන්න ඉඩකඩ ලැබෙන හැම අවස්ථාවකදීම කන්‍යා ලග්න හිමියන් උත්සාහා දැරුවොත් අනිවාර්යයෙන්ම ඔබ දරන්නා වූ උත්සහයට නිසි ප්‍රතිචාරයක් දක්වන්න මේ විශ්වය සූදානමින් ඉන්න බව අමතක කරන්න එපා. රැකි රක්ෂා ආස්‍රයෙන් ගත් කල ඒ ආශ්‍රිත දියුණුව ඇති කරනවා. තනතුරු, තානාන්තර ලැබීම් වෙනුවෙන් පසු ගිය කාලයේ පැවති බාධා ඉවත් කරගන්න පුළුවන්. රැකි රක්ෂා ආශ්‍රිතව තමන්ට තිබුනා වූ අර්බුධකාරී වටපිටාවන් නිරාකරණය කරගන්න, ඒ අශ්‍රිතව තිබුණු සතුරු කරදර බාධා ඉවත් කරගන්න, තමන්ගෙ දැනුම, දක්ශතාවයට, හැකියාවට සරිලන ආකාරයට රැකියාවක් සොයමින් සිටි කන්‍යා ලග්න හිමියන්ට සාර්ථක ප්‍රතිඵල අත් කරදෙන්න 2019 වසර සූදානමින් සිටිනවා. ගෘහ ජීවිතය අතින් ගත්කල සතුරු කරදර බාධා පහ කරගන්න ඉතාමත් යහපත් වෙනවා. පවුලේ අයගෙන් ඈත්ව කටයුතු කලා නම් පවුලේ අය සමඟ එකතු වෙලා කටයුතු කරන්න පුළුවන් වසරක්.
රැකි රක්ෂා ආශිත ස්ථාන මාරු වීම් ලඟා කරගන්න පුළුවන්. අධ්‍යාපනය අතින් ගත්කල අලුත් විෂය කරුණු ඉගනීමට උත්සාහා දරනු ලබන කන්‍යා ලග්න හිමියන්ට සුවිශේෂී වරප්‍රසාද හිමිවෙනවා. තාක්ෂණික අංශවල අධ්‍යාපන කටයුතු ව්‍යාපෘති කටයුතු කරනු ලබන අයට ඉතාමත් දේ අත්පත් කරගන්න පුළුවන්. කන්‍යා ලග්න හිමියන්ට මේ වසර තුල ලැබීම් වලට ඉතාමත් යහපත් වෙනවා. හැබැයි ඒ ලැබීම් ඉතාමත් යහපත් කරගන්න ඔබ විසින් තිබෙන්න වූ ආත්ම විශ්වාසය වැඩි කරගැනීම ඉතාම යහපත්.
මොකද කුරුල්ලෙක් අත්තක වහන්නෙ ඒ අත්ත ගැන විශ්වාස නිසා නෙමෙයි. තමන්ගෙ තටු ගැන විශ්වාස නිසා. ඒ නිසා කන්‍යා ලග්න හිමියන් තමන්ගෙ තිබෙන ශක්තීන් විශ්වාස කලොත් තවත් වසර 100ක් උපයන්න පුළුවන් දේ ලඟා කරගැනීමේ වාසනාව 2019 ගෙනත් දීලා තියන බව නම් කන්‍යා ලග්න හිමියන් තරයේ සිහිතබා ගන්න. ජයග්‍රහණය උදෙසා කටයුතු කරද්දි බදාදා සිකුරාදා දින දෙක තෝරගන්න. තැඹිලි පාට සහ කහ පාට ඔබේ ජය වර්ණය හැටියට තබා ගන්න. මේ වසරේ, ලේ ගමන් කරන සියලු නහර ආශ්‍රිත රෝගපීඩා ගෙනදෙන්න පුළුවන්. සුළු අසනීපයකදී පවා ඉක්මන් ප්‍රතිකාර ලබාගන්න. තිබෙන්නා වූ අනිටු ප්‍රතිඵල භංග කරගන්න කන්‍යා ලග්න හිමියන්ට අවශ්‍ය නම් මාසෙ පළමුවන බදාදා දවස් වල ළමා නිවාසයකට කිරි ආහාර ස්වල්පයක් දන් දෙන්න. අති සාර්ථක වසරක් තමයි මේ උදා වෙලා තියෙන්නෙ..
තුලා ලග්නය
හත්වන රාශිය වූ තුලා ලග්නයෙන් උපන් ඔබත් ගොඩක් බලාපොරොත්තු තියාගෙන 2019 වසර දිහා බලාගෙන ඇති. ඒ බලාපොරොත්තු වලට සුභදායී ප්‍රතිඵල අත්කර දෙන්න තමයි 2019 වසර බලාගෙන ඉන්නෙ. ලග්නාධිපති සිකුරු ලග්න ගතව වීසා නැකතින් බලවත් වෙලා ගමන් කරන්නේ, මාලවී නැමැති පංච මහා පුරුශ යෝගයක් උදා කරමින්. ඒ වගේම ලග්නයෙන් තුන් වැන්න වූ වික්‍රමස්ථානගතව යෝගකාරක සෙනසුරුත් ගමන් කරන්නේ දැනුම හැකියාව දක්ෂතාවය වාසනාව බලය නිරන්තරයෙන් තුලා ලග්න හිමියන්ට ලබා දෙන්න පොරොන්දුවක් සඵත කරමින්.
උදා වෙච්ච වසර ධන ලාභ, ආර්ථික ලාභ, වස්තු ලාභ ලඟා කරගන්න පුළුවන්. විශේෂයෙන් උරුමහරුමකම් වලට තිබුනා වූ බාධා කරදර නිරාකරණය කරගන්න, තමන්ට අයත් විය යුතු දේවල් ලඟා කරගන්න සුභ වසරක් හැටියට 2019 වසර හඳුන්වන්න පුළුවන්. රැකි රක්ෂා වෙලඳ ව්‍යාපාර වලටත් වැදගත් වෙනවා. රාජ්‍ය අංශයේ රැකියා බලාපොරොත්තු වෙච්ච තුලා ලග්න හිමියන්ට ඒ බලාපොරොත්තු යතාර්ථයක් බවට පත් කරදෙන්න සූදානමින් තමයි 2019 ඔබට උදා වෙලා තියෙන්නෙ. ගෘහ ජීවිතය ආශ්‍රයෙන් ගත්කල පවා උසස් අයගේ ඇසුර නොඅඩුව ලැබෙනවා. ප්‍රිය සම්භාෂන, උත්සව අවස්ථා, ප්‍රභූන් සමඟ කටයුතු කරන්නත්, පවුලේ උදවිය සමඟ සතුටුවීමේ ඉඩකඩ නොඅඩුවම ලැබෙන වසරක් හැටියට සලකන්න පුළුවන්. දරුඵල ආදිය ප්‍රමාද වෙච්ච තුලා ලග්න හිමියන්ටත් තමන්ගෙ අරමුණු සාර්ථක කරදෙන්න 2019 වසර සූදානමින් සිටිනවා..
ප්‍රාථමික වගේම උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන තුලා ලග්න හිමියන්ට සුවිශේෂී වරප්‍රසාද අත්පත් කරගන්න පුළුවන්. අලුත් අලුත් දේ නිපැයුම් කරන්න අලුත් අධ්‍යාපන කටයුතු කරන්න ඉතාමත් යහපත් වසරක් හැටියට මේ උදාවෙච්ච වසර හඳුන්වන්න පුළුවන්. පසු ගිය කාලය පුරාවටම තිබුණු සෞඛ්‍යය ගැටළු නිරාකරණය කරගන්න නිවැරදි වෛද්‍ය උපදෙස් අත් කරගන්න යහපත් යහපත් නිරෝගී සෞඛ්‍යය සම්පත්තීන් ඇති කරගන්න තුලා ලග්න හිමියන්ට අවකාශය ලැබෙන යහපත් වසරක් තමයි 2019. බොහෝ විට මේ වසර තුල තමන්ගෙ ජයග්‍රහණ දිහා බලාගෙන තමන්ගෙ අවට සිටින පිරිස තමන්ට කොතරම් කෙනෙහෙලි කම් කලත් ඒවා උපේක්ෂාසහගතව විඳදරාගන්න ගන්න පුරුදු වෙන්න නම් තුලා ලග්න හිමියන් අමතක කරන්න එපා. මොකද කවුරුන් හෝ ඔබව ප්‍රතික්ෂේප කලත් ඒ ගැන ඔබ දුක් නොවන්න.මොකද බොහෝ වෙලාවට මිනිස්සු ප්‍රතික්ෂේප කරන්නෙ ඔවුන්ට ළඟා කරගන්න නොහැකි වටිනාකමින් ඉහළ දේවල් බව තරයේ සිහිතබා ගෙන 2019 වසරට මුහුණ දෙන එක තමයි තුලා ලග්න හිමියන් කලයුතු වන්නේ. මේ වසරේ ජයග්‍රහණය පතා කටයුතු කරද්දි ඉරිදා සඳුදා දින දෙක ශුභ කටයුතු වලට තබාගන්න. රතු පැහැය තමයි මේ වසරේ තුලා ලග්න හිමියන්ගේ ජයග්‍රාහී වර්ණ වෙන්නෙ. ඒ වගේම ඔබට හැකියාවක් තිබේ නම් මාසෙ පළමුවෙන සිකුරාදාට ධාතු කරඩුවක් වහන ලේන්සුවක් පූජා කරලා කටයුතු ආරම්භ කරලා බලන්න. ධාතු කරඩුවක් සේම ඔබේ වටිනාකම දික්විජය කරන්න පුළුවන් වසරක් හැටියට 2019 වසර හඳුන්වන්න පුළුවන්.
වෘශ්චික ලග්නය
අටවන රාශිය වූ වෘශ්චික රාශියෙන් උපන් ඔබත් බලාගෙන ඇති 2019 අවුරුද්ද ඔබට කොහොමද කියලා. මේ වසරේ ලග්නාධිපති ආරම්භ වෙන්නේ ලග්නයෙන් පස්වැන්න වූ විද්‍යස්ථානගතව. එසේත් නැතිනම් පූර්ව පුන්‍යස්ථානගතව බ්‍රහස්පතිට අයත් මීන රාශිය තුළ ගමන් කරනවා. සෙනසුරුට අයත් උත්‍රපුටුප නැකතින් යුතුව තැන්පත් වෙලා. බොහෝ විට ආදායම් මාර්ග ආශ්‍රිත යම් යම් විපරීත තත්වයන් ඇති වීමට ඉඩකඩ තියනවා. ලැබීම් කෙසේවෙතත් රඳවා ගැනීමේ තදබල දුර්වලතා තමයි වෘශ්චික ලග්න හිමියන්ගේ ඉහළ මට්ටමක පවතින්නේ. ලැබෙන්න තිබුනා වූ ආදායම් මාර්ග වලට යම් යම් සතුරු කරදර, ප්‍රබල පීඩා වගේම නීති කරදර බාධා ආදිය ගෙනදෙන්න පුළුවන්. රැකි රක්ෂා ආශ්‍රිත තනතුරු තානාන්තර සඳහා සතුරු කරදර බාධා ගෙන දෙනවා. කීර්තියට, චරිතයට, හානි සිදුවීමේ ඉඩකඩ පවා ඇති කරලා තියනවා. කාන්තා පාර්ශවයන් සමඟ කටයුතු කරද්දි වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. මොකද ඔවුන් නිසාවෙන් ඔබගේ චරිතයට කීර්තියට තදබල අවහිරතා මතු කරන වසරක් හැටියට 2019 හඳුන්වන්න පුළුවන්. ගෘහ ජීවිතය අතින් ගත්කල පවා සතුට සැනසුම සහජීවනයට බාධා ඇති කරනවා. දේපළ ආශ්‍රිත ගැටලු නීති කරදර බාධා ගෙන දෙනවා. ඇසුරු කරන පුද්ගලයන් නිසාවෙන් ගොඩනඟාගත් පෞරුෂයට තදබල පීඩා කරදර ගෙන දෙන්න පුළුවන්. අසල්වාසීන් සමඟ කටයුතු කරද්දි පරිස්සමින්. බොහෝ විට ඔවුන්ගේ හිතවත්කම්, දුරස්වීම්, සතුරු කරදර බාධා, මත ගැටුම් ආදිය ඇති වෙන්න පුළුවන්. අධ්‍යාපනය අතින් ගත්කල කුසීත ලක්ශණ ප්‍රබල කරනවා. විෂය කටයුතුවලට වඩා විෂය භාහිරකටයුතු වලට නැඹුරුතා ඇති කරන වසරක් හැටියට 2019 හඳුන්වන්න පුළුවන්. ගෘහ ජීවිතය අතින් ගත්කල පවා සතුට සැනසුම සහජීවනයට බාධා ඇති කරනවා. දේපල ආශ්‍රිත ගැටළු නීතී කරදර බාධා ගෙන දෙනවා. ඇසුරු කරන පුද්ගලයන් නිසවෙන් ගොඩනගාගත් පෞරුෂයට තදබල පීඩා කරදර ගෙනදෙන්න පුළුවන්. අසල්වාසීන් සමඟ කටයුතු කරද්දි පරිස්සමින්. බොහෝවිට අවුන්ගේ හිතවත්කම් දුරස්වීම්, සතුරු කරදර බාධා මත ගැටුම් ආදිය ඇති වෙන්න පුළුවන්. අධ්‍යාපනය අතින් ගත්කල කුසිත ලක්ෂණ ප්‍රබල කරනවා. විෂය කටයුතු වලට වඩා විෂය බාහිර කටයුතු වලට නැඹුරුතා ඇති කරන වසරක් හැටියට මේ වසර හඳුන්වන්න පුළුවන්.
නිදන්ගත රෝගපීඩා තමයි ගෙන දෙන්නෙ. විශේෂයෙන් තෙල් සහ සීනි සහිත ආහාරපාන පාලනයෙන් යුතුව ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. දිව සහ තොල ආශ්‍රිතව උශ්ණාධික රෝග පීඩා ආදිය බහුල කරන නිසා එවැනි සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම තමයි වැදගත් වෙන්නෙ.
2019 වසරෙදි වෘශ්චික ලග්න හිමියන් මේ ටිකත් හිතට ගැනීම වැදගත් වෙනවා. විනාශ නොකල යුතු කාරණා 03 ක් තියනවා. කාලය, මුදල් සහ ශක්තිය. ඒ වගේම පිටු දැකිය යුතු කාරණා 03ක් තියනවා. කම්මැලි කම, වාචාල කම සහ ඉක්මන් වීම. ඒ වගේම සුරැකිය යුතු කාරණා 03ක් තියනවා. හොඳ පොත් යහගුණ සහ හොඳ මිතුරන්. පාලනය කලයුතු කාරණා 03ක් තියනවා. ආසාව, දිව සහ කෝපය. ඒ වගේම අගය කල යුතු කාරණා 03ක් තියනවා. නුවණ, යහගුණ සහ නිදහස කියන දේවල්. ආදරය කලයුතු කාරණා 03ක් තියනවා. ආදරය, සොබාදහම සහ සදාචාරය..
මෙන්න මේ කාරණා සිහිතබාගෙන මේ වසරේ වැඩ කටයුතු ආරම්භ කලොත් තිබෙන අනිටු ප්‍රතිඵල ඔබට පහසුවෙන් මඟහරවාගන්න පුළුවන්. මේ වසරේ ජයග්‍රහණය පතා කටයුතු කරනවා නම් අඟහරුවාදා සිකුරාදා ඔබේ සුභ කටයුතු වලට තබා ගන්න. රතු පැහැති වර්ණය ඔබේ ජයග්‍රාහී වර්ණයට තබා ගන්න. මාසෙට එක දවසක් පුර පසලොස්වක පොහොය දිනක ශීල ව්‍යාපාර සඳහා බෙලිමල් ආදිය දන් දෙන්න. තිබෙන අනිටු ප්‍රතිඵල භංග කරගෙන අති සාර්ථක වසරක් බවට පහසුවෙන් පත් කරගන්න පුළුවන්.
ධනු ලග්නය
ඔබේ ලග්නාධිපති ලග්නයෙන් දොලොස්වැන්න වූ අයස්ථානගතව බුධට අයත් දෙට නැකතින් යුතුව තැන්පත් වෙලා තමයි ගමන් ආරම්භ කරන්නෙ. ලග්නගතව සෙනසුරු ගමන් කරන්නේ. ලග්න ඒරාශ්ටකයේ අති ප්‍රභලම කාලෙ 2019 වසරේ පවතින බව ධනු ලග්න හිමියන් තරයේ සිහිතබාගෙන තමයි 2019 වසරේ වැඩකටයුතු කරන්න ඕන වියදම් අධික වසරක් හැටියට සලකන්න පුළුවන්. බොහෝවිට නිශ්ඵල විය පැහැදම් තමයි බහුල කරන්නේ. අලුත් දෙයක් වෙනුවෙන් වැය කරනු ලබන කටයුතු නිසාවෙන් මූල්‍යපාඩු රැවටීම් වැනි තත්වයන්ට පවා ධනු ලග්න හිමියන් පත්වෙන්න පුළුවන්.
ඒ පිලිබඳව කල්පනාකාරීව කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි රැකිරක්ෂා ආශ්‍රිත තීන්දු තීරණ ගනිද්දි අන් අයගේ කීම් බහට රැවටීම් වලදී ධනු ලග්න හිමියන්ට අවහිරතා ගෙන දෙන්න පුළුවන්. අලුත් රැකි රක්ෂාවක් සොයනවා වෙනුවට තිබෙන රැකි රක්ෂා පරිස්සම් කරගැනීම තමයි මේ වසර තුල කලයුතු වන්නේ. ගෘහ ජීවිතය අතින් ගත්කල පවුලේ සතුට සැනසුමට සහජීවනයටත් යම් යම් බාධා කරදර ඇති කරනවා. අස්ථාන චෝදනා ආදිය එල්ලකරන අතර තෙවන පාර්ශවයන් ඔබගේ යුග ජීවිතයේ තිබෙන සතුට, සැනසුම, සහජීවනයට යම් යම් බාධා කරදර ඇති කරන ආකාරයක් පවතින්නේ. ඒ වගේම තමයි අදහස් හුවමාරු කරගැනීමේ බාධා කරදර ඇති කරනවා හුදකලාව ගත කිරීමේ ඉඩකඩට බොහෝ ආශා ඇති කරන නිසාවෙන් පවුලේ අය අතර තිබෙන්නා වූ සම්භන්දතාව, සන්නිවේදන ශක්තිය, දුරස්ව යාමට ඇති ඉඩකඩ 2019 වසරේ පවතින නිසා එවැනි අවහිරතා මඟහරවගෙන කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ශාස්ත්‍රීය කටයුතු, කලා කටයුතු වගේම සන්නිවේදන ක්ශේත්‍ර සම්බන්ද අධ්‍යාපන කටයුතු වල නිරතවන ධනු ලග්න හිමියන්ට අනිවාර්යයෙන්ම 2019 වසර සාර්ථක වසරක් බවට පත් කරගන්න පුළුවන්. ඇස් වල සහ දත්වල යම් යම් බාධා කරදර ගෙන දීමේ ඉඩකඩ තියනවා. එවැනි සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. 2019 වසර ධනු ලග්න හිමියන්ට කරදර බාධා එමටයි කියලා හිතෙන්න පුළුවන්. 2019 වසර ධනු ලග්න හිමියන්ට සුභ නොවන වසරක් හැටියට පෙනෙන්න පුළුවන්. අමතක කරන්න එපා, හරියන්නෙ නැති බව පෙනී පෙනීත් හරි කරගෙන ගියොත් කවදාහරි නවතින්නේ හරි ගිහින් බවත් ධනු ලග්න හිමියන් අමතක කරන්න එපා. ඒ නිසා 2019 වසර තිබෙන්නා වූ අහිතකරතා මගහරවා ගන්න රන්වන් පාට සහ කහ පාට තමයි උපයෝගී කරගන්න ඕන.
අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින 02 සුභ කටයුතු වලට තබාගන්න. ශීල ව්‍යාපාර වලට උදෑසනට කොල කැඳ වගේම හවසට බෙලි මල් වගේ දන් දෙන්න පුළුවන් නම් තිබෙන්නා වූ අහිතකරතා මගහරවා ගන්න පුළුවන්.
මකර ලග්නය
දහවන ලග්නය වූ මකර ලග්න හිමියන් බලන් ඇති 2019 වසර ඔබට කොහොමද කියලා. ලග්නාධිපති සෙනසුරු ධනු රාශිගතව දොලොස්වැන්නේ ගමන් කරමින් තමයි 2019 වසර ඔබට උදා කරන්නේ. යෝගකාරක සිකුරු ලග්නයෙන් දහවැන්නේ බලවත් වෙලා පවතිනවා. පංච මහා පුරුෂ මාලවී නැමැති යෝගය උදා කරමින්. යෝගකාරක ග්‍රහයා කේන්ද්‍රගත බලයෙන් උච්ච ස්වභාවයෙන් යුතුව යෝගකාරක සිකුරු කේන්ද්‍රගත බලයෙන් තැන්පත් වෙලා ගමන් කිරීම මකර ලග්න හිමියන්ට වඩාත් වැදගත් වෙනවා. බ්‍රහස්පති ගමන් කරන්නේ ලග්නයෙන් එකොලොස්වන්න වූ අයස්ථානගතව, එහි ගමන් කරනවා බුධත්. ඒ නිසා විශේෂයෙන්ම මකර ලග්න හිමියන්ට ධනය, බලය, ශක්තිය ළඟා කරගැනීමේ හැකියාව පවතිනවා. ව්‍යාපාරික සාර්ථකත්වය ළගා කරගැනීමේ හැකියාව පවතිනවා. රැකි රක්ෂා ආශ්‍රිත දියුණුවට, ලඟා කරගන්න, උසස් වීම් ලඟා කරගන්න ඉතාමත් යහපත් වෙනවා. ඒ වගේම තමයි සිකුරුගෙ බුධගෙ මහ දශා අතුරු දශා ගත කරන මකර ලග්න හිමියන්ට සුවිශේෂී ප්‍රතිඵල අත්කරගන්න පුළුවන්. යුග ජීවිතය ආශිතව ගත්කල යම් යම් පීඩා කරදර වසර මැදදී ඔබට එල්ල කරාවි. බොහෝ විට තෙවන පාර්ශවයන් ඔබේ යුග ජීවිතය ආශ්‍රිත සතුට සැනසුම සොරාගන්න ගනු ලබන උත්සහයන්ට නිර්භීතව මුහුණ දෙන්න ඔබේ බුද්ධිය බලාගත්තොත් එවැනි සුළු අතපසුවීම් පවා මේ වසර තුල ඇති නොවන්නට මකර ලග්න හිමියන්ට පහසුවෙන්ම සලසා ගැනීමේ ඉඩකඩ පවතිනවා. ඒ වගේම තනතුරු තානාන්තර, ලාභ, පිරිවර සම්පත්ති වගේම ප්‍රසාදය කීර්තිය නොඅඩුව ලැබෙන වසරක් 2019. විදේශගත අධ්‍යාපන, රැකි රක්ෂා වගේම පදිංචිය පිලිබඳ බලාපොරොත්තුවෙන් හිටිය මකර ලග්න හිමියන්ට සුවිශේෂී වරප්‍රසාද අත්පත් කරගන්න පුළුවන්. සෙනසුරුගේ ලග්න ඒරාශ්ටකයේ ආරම්භය 2019 වසර බවත් අවබෝධ කරගෙන කටයුතු කරන්න. ප්‍රාථමික අධ්‍යාපන කටයුතු වලට වඩා උසස් අධ්‍යාපන කටයුතු වල, උසස් වෘත්තීය අධ්‍යාපන කටයුතු වල නිරත වන මකර ලග්න හිමියන්ට සුවිශේෂී වරප්‍රසාද අත්කරගන්න පුළුවන්. රාහුගෙ සෙනසුරුගෙ මහ දශා අතුරු දශා ගත කරන මකර ලග්න හිමියන් අධ්‍යාපන කටයුතු වලට වෙනදට වඩා කැපවීම වැදගත් බව අමතක කරන්න එපා. විශේෂයෙන්ම මකර ලග්න හිමියන්ට කලබලකාරී මානසිකත්වය බහුල කරන වසරක් ලෙස 2019 හඳුන්වන්න පුළුවන්. ඒ තත්වයෙන් මගහැරීම වඩාත් වැදගත් වෙනවා. මොකද මාරු කාසිවල සද්දේ වැඩි උනාට වටිනාකම අඩු බව සිහිතබාගන්න. ඒ වගේම මුදල් නෝට්ටු වල සද්දේ අඩු උනාට වටිනාකම වැඩි බව සිහිතබා ගත්තොත් 2019 වසරේදී අභියෝග වලින් ජයග්‍රහණය අත්කරගන්න පුළුවන්.
මුත්‍රා සහ වකුගඩු ආශ්‍රිත රෝග පීඩා බහුල කරන නිසා එවැනි අසනීප තත්වයන් පිලිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. සිකුරාදා සෙනසුරාදා දින 02 සුභ කටයුතු වලට තබා ගන්න. නිල් පැහැය තමයි ඔබේ ජයග්‍රාහී වර්ණය. මාසෙ පළවෙනි සෙනසුරාදා දවස්වල උදේ 6.40-6.50 අතර ලිප ගිනි මොලවා රතු කැකුළු බතක් එලවලු ව්‍යංජන සහිතව බත් පාර්සල් 03ක් හදලා ඔබගේ සුරතින්ම අතපය වාරු නැති යාචකාදීන්ට දන් දෙන්න. තිබෙන අවහිරතා මඟහරවාගෙන 2019 සාර්ථක වසරක් බවට පත් කරගන්න පුළුවන්.
කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු. සෙනසුරු සුපුරුදු පරිදි ලග්නයෙන් එකොලොස්වැන්නේ අයස්ථානගතව සිකුරුට අයත් පුවස්සල නැකතින් යුතුව තැන්පත් වෙලා ගමන් කරනවා. යෝගකාරක සිකුරු සුවිශේශ්‍ර බලයෙන් යුතුව තැන්පත් වෙලා පවතින්නේ ලග්නයෙන් නමවන්න වූ පුණ්‍යස්ථානගතව. චානකාරක බුද්ධිකාරක බුධ ලග්නයෙන් දහවන්නේ ගමන් කරන්නේ. කුම්භ ලග්න හිමියන්ට අරමුණු සාක්ෂාත් කරගන්න යහපත් වසරක් හැටියට 2019 වසර හැටියට හඳුන්වන්න පුළුවන්. බලාපොරොත්තු නොවූ වාසි අත්පත් කරගන්න 2019 වසර තුල අවකාශය ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි සුදුසු තනතුරු තානාන්තර රැකි රක්ෂා ආශ්‍රිත දියුණුවටත් ඉතාමත් යහපත් වෙනවා. කරන කියන කටයුතු වගේම කරන්න තියන කටයුතු වලත් ඇති සාර්ථකත්වය අත්පත් කරගන්න කුම්භ ලග්න හිමියන්ට පුළුවන්. යුග ජීවිතය අතින් ගත් කල කාර්ය බහුලත්වය නිසාවෙන් බොහෝ විට පවුලේ අය සමඟ ගත කරන කාලය අවම වෙන්න පුළුවන්. නමුත් කටයුතු සැලසුම් කරද්දී නිසි සැලසුමකට අනුව කටයුතු කලොත් තිබෙන අවහිරතා මගහරවා ගන්න පුළුවන්. දේපල ආශ්‍රිතව තිබුනා වූ දෝෂාකාරී තත්වයන් නිරවුල් කරගන්නත් හැකියාව පවතිනවා. නව නිවාස ආශ්‍රිත අලංකාර කිරීම්, පදිංචි වීම, ලැබීම් ආදියට අවකාශය ලැබෙනවා. ආගමික භක්තිය බහුල කරන, ආගමික නායකයන්ගේ ඇසුර දැනුගත් අයගේ ඇසුර නොඅඩුව ලැබෙන වසරක්. අධ්‍යාපානය අතින් ගත කල ඉගනීමට අතින් කැමැත්ත උත්සාහය උනන්දුව නිසාවෙන් අධ්‍යාපන කටයුතුවල පවා සුගතියක් අත්පත් කරගන්න, විජයග්‍රහණයක් අත්පත් කරගන්න කුම්භ ලග්න හිමියන්ට ලැබෙනවා. පෙනීමේ දුර්වලතා ශල්‍යකර්ම වලට ලක් වීමට ඉඩකඩ පවතින නිසා කුම්භ ලග්න හිමියන් ඒ පිලිබදව වැඩි අවධානයක් යොමු කරලා කල්පනාකාරීව කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. බොහෝ විට මේ වසර තුල කුම්භ ලග්න හිමියාට මෙහෙම දේවල් හිතෙන්න පුළුවන්, තමන් අධිකව මහන්සි උනත් මේ මහන්සියේ කෙළවරක් නෑ නේද කියන එක. හැබැයි ඒ කටයුතු වලින් ජයග්‍රහණය අත්පත් කරගන්න ඔබ, ඔබගේ අතම විශ්වාස, උනන්දුව, කැපවීම තමයි 2019 වසරේ වාසනාව ඔබ වෙතට ගෙන දෙන්නේ. කුම්භ ලග්න හිමියන් කාගෙවත් පාපිස්සක් බවට පත් වෙන්න සුදුසු වසරක් හැටියට මේ වසර හදුන්වන්නේ නෑ. මොකද පා පිස්සක කව්රු හරි නතර වෙන්නේ ඔවුන්ගේ කකුල් දෙක පිහිද ගන්න විතරයි. ඒ නිසා තමන්ගේ ආත්ම විශ්වාසය පෙරදැරි කරගෙන ඔය උනන්දුව කැපවීම වසර මුලදී වගේම වසර අගටත් තබාගෙන ගියොත් ඇති සාර්ථක වසරක් තමයි මේ උදා වෙන්නේ. සිකුරාදා අඟහරුවදා දින දෙක ඔබේ ශුභ කටයුතු වලට තබාගන්න. කොළ සහ නිල වර්ණ දෙක ඔබේ ශුභ වර්ණ හැටියට තබාගන්න. මාසේ පළමුවන සෙනසුරාදට බුද්ධ පුජාව වාහන ලේන්සුවකුත් අමතක නොකර පුජා කරලා බලන්න. සාර්ථක වසරක් තමයි කුම්භ ලග්න හිමියන්ට මේ උදා වෙලා තියෙන්නේ.
මීන ලග්නය
අවසාන රාශිය වූ මීන රාශියේ උපන් ඔබත් බලාගෙන ඇති 2019 වසර ඔබට කොහොමද කියලා. ලග්නාධිපති බ්‍රහස්පති බුද්ධිකාරක බුදත් එක්ක සංයෝග වෙලා වෘශ්චික රාශිගතව ගමන් කරනවා. බ්‍රහස්පතිගෙ ගමන සිද්ධවෙන්නෙ බුදට අයත් දෙට නැකත තුල තැන්පත් වෙලා. විශේෂයෙන්ම මීන ලග්න හිමියන් අධික මුදල් විය පැහැදම් වලට තමයි හේතු වෙන්නෙ. තමා සන්තකයේ තිබෙන වටිනා කියන බඩු බාහිරාදිය, ලිපි ලේඛන අන්සතු වීම් නැති නාස්ති වීම් දිරාපත් වීම් ආදී සිදුවීම් බහුල කරන්න පුළුවන්. ඒ නිසා වටිනා බඩුබාහිරාදිය සුරක්ෂිත කරද්දි එයට වැඩි අවධානයක් යොමු කරන්න සුදුසු වසරක් හැටියට 2019 වසර හඳුන්වන්න පුළුවන්. රැකි රක්ෂා ආශ්‍රිතව අර්බුධකාරී වටපිටාවක් ඇති කරන්න පුළුවන්. ඒ ආශ්‍රිතව තිබෙන්නා වූ කැමැත්ත, ආශාව, කැපවීම හීන කරවීම් ඇති වෙන්න පුළුවන්. නමුත් විදේශගත සම්බන්දතා රැකියා පදිංචි වීම බලාපොරොත්තු වෙන මීන ලග්න හිමියන්ට බලාපොරොත්තු සපල කරගැනීමේ ඉඩකඩ පවතිනවා. යුග ජීවිතය ආශ්‍රිතව ගත්කල කනස්සලු ස්වභාව ඇති කරවන්න පුළුවන්. බොහෝ විට ආවේගශීලි ගති ලක්ෂණ නිසා ආවේගශීලි කතාබහ නිසා ඇති වන්න වූ පීඩනය බොහෝ විට දරාගන්නට නොහැකි වේවි. ඒ නිසා ඔබ පිට කරනු ලබන වචන ආවේගශීලීත්වයෙන් යුතු නිසාවෙන් අන් අයගේ හිත රිදීම්, බිදීම් වලට පත් වේවී. ප්‍රේමය, ආලය, විවාහය වැනි කටයුතු වලදී පවා ආවේගශීලිත්වය හැකිතාක් අවම කරගෙන කටයුතු කරන්න. වැඩිහිටි මව්දෙමව්පියන් සමඟ සාකච්චා කරද්දී තීන්දු තීරණ ගද්දි ඉවසීම සංයමය පවත්වා ගෙන යන්න. දුවා දරුවන්ගේ ක්‍රියා කලාපය නිසාවෙන් කලකිරීම් වලට ලක් වෙන්න පුළුවන්. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් එහි සේවක සේවිකාවන් ආශ්‍රිත තීරණ ගද්දි ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කරන්න. හිස සහිත ආබාධ තත්වයන් තුවාල වැනි තත්වයන් ඇතිවීමේ ඉඩකඩ උරහිස් ආශ්‍රිත රෝග 2019 වසරේ බහුල කරලා තියනවා. සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මීන ලග්න හිමියන් මේ දේත් මතක තියාගන්න. කාසියක දෙපැත්තක් තියනවා. එහි එක පැත්තක් හොඳ පැත්ත, අනික් පැත්ත නරක පැත්ත ඒ නිසා මීන ලග්න හිමියන් 2019 වසරේ කොතරම් කරදර බාධා යෙදුනත් ඒ කාසිය යහපත් අතට පෙරලගන්න වසර මුල සිට උත්සහ ගන්න. ඔබගේ කැපවීමට, උත්සාහයට, ශුභවාදී ප්‍රතිඵල ලැබේවි. අඟහරුවදා බ්‍රහස්පතින්දා දින 02 ඔබේ ශුභ කටයුතු වලට තබා ගන්න. රතු සහ කහ වර්ණ ඔබේ ජය වර්ණ හැටියට ලබා ගන්න. සම පුර පසළොස්වක පෝය දිනකම ධර්ම දේශනවලට පිරිකර පුජා කරන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම වසර සාර්ථක කරගන්න පුළුවන්.













