Bookmark
දෛවය 2019

අලුත් අවුරුද්ද ඔබට කොහොමද?
Mohan Wickramasinghe
ප්‍රවීන ජ්‍යෝතීර්වේදී ආචාර්ය

මොහාන් වික්‍රමසිංහ මහතා

ඉදිරිපත් කරයි.
  13,061 Views
ආයු රක්ඛන්තු ආවඩා !
ලබන්නාවු 2019 වසර සතුට සමාදානය සපිරි වාසනාවන්ත ශ්‍රී සුබ නව වසරක් වේවා කියල මුලින්ම ප්‍රර්ථනා කරනවා. ඉතින් ලබන්නාවු නව වසර ඔබගේ බලාපොරොත්තු ගොන්නක් එක්ක තමයි මේ වසර ආරම්භ කරන්නට බලාපොරොත්තුවෙන් ඇත්තේ, ඒ වගේම තමයි පසුගිය වසරට වඩා ඔබගේ බලාපොරොත්තු මුදුන්පත් කර ගන්නට හැකියාව ලැබෙන ජයග්‍රාහි වර්ෂයක් වේවා කියල ප්‍රර්ථනා කරනවා.

ඉතින් මේ 2019 වසර ග්‍රහ යුද්ධ 19 ක් සහ සූර්ය ග්‍රහණ 3 ක් චන්ද්‍ර ග්‍රහණ දෙකක් සහිතව ග්‍රහණ පහකින් යුක්ත වන්නාවූ වසරක් හැටියට තමයි හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම තමයි ප්‍රධාන ග්‍රහ මාරු තුනකට උරුමකම් කියන වසරක් හැටියටත් හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. රාහු කේතු සහ ගුරු ග්‍රහ මාරුවත් ඒ වගේම තමයි වසර ආරම්භයත් එක්කම කුජගේ මේෂ රාශිගත වීමත් සිද්ධ වෙනවා ඉතින් මේ ග්‍රහ තත්වයන් එක්ක ගත්තහම අපේ රටට සහ ලෝකයට යම් යම් ආකාරයේ බලපෑම් ඇති කරන්නට හේතු සාධක මතු කරන්නා වූ ග්‍රහ සිත්තමක් නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම ලෝකය පුරා භෞතික දියුණුවක් ඇති කරන්නා වූ කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. ඒ වගේම තමයි දියුණුව සාර්ථකත්වය කරා පිය නගන රටවල් වලට ඉතාමත්ම සුබදායක කාල පරිච්ඡේදයක් බවට පත් වන්නට හැකියාව පවතිනවා. විශේෂම අභ්‍යවකාශ ගවේෂණයන් වල යෙදෙන රටවල් වලට ඉතාමත්ම ශුභදායක ආරංචි පැතිරෙන කාල පරිච්ඡේදයක් බවට පත් වේවි. ඒ වගේම තමයි ආසියාතික රටවල් වල කැපී පෙනෙන දියුණුවක් ඇති කරන කාල පරිච්ඡේදයක් බවට පත්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම යුරෝපය පරදා ඉදිරියට යන්නට හැකියාව භාග්‍යය ලබන රටවල් අතරට ආසියාවේ එකතු වීම විශේෂිතම සිදුවීමක් බවට පත්වේවි. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තහම කාලගුණික හා දේශගුණික විපර්යාසයන් වලට ලෝකය පුරා රටවල් බඳුන් වන දැඩි ලෙසම එහි බලපෑම් වලට යටත් වන්නට සිදු වන කාල පරිච්ඡේදයක් බවටත් පත්වන බව ඉඟි කරන ග්‍රහ සිත්තමකුත් මේ වසර ආරම්භයත් එක්කම පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තහම දේශපාලනික වශයෙන් යම් යම් අර්බුදකාරී තත්ත්වයන් හට ගත්තත් යම්කිසි ස්ථාවරයක් ගොඩ නැගෙමින් පවතින කාලය බවට පත් කරගන්නට හැකියාව ලැබෙනවා.

කෙසේ වෙතත් අස්ථාවරභාවයක් නිරන්තරයෙන්ම ඇති කරන කාල පරිච්ඡේදයක් බවටත් පත් වෙනවා. ඒවගේම තමයි සමහර අවස්ථාවන් තුළදී ශ්‍රී ලංකාව තුලත් විශේෂයෙන්ම කාලගුණික විපර්යාසයන් වලට බඳුන් වීමේ අවදානම තදබල විදිහට ම ඇති කරන කාල පරිච්ඡේදයක් බවටත් පත්වෙලා තිබෙනවා. වසර ආරම්භයත් එක්කම පූජ්‍ය පක්ෂය කෙනෙකුට අනතුරුදායක තත්ත්වය පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි රාජතාන්ත්‍රික වශයෙන් ඇතිවන වෙනස්කම් නිසා සාමාන්‍ය ජන ජීවිත තුළ යම් යම් ගැටලු දායක තත්ත්වයක් මතු වන්නටත් ඉඩකඩ පවතිනවා. කෙසේ වෙතත් වසර අගභාගයේ දී සිදුවන්නාවූ ගුරු මාරුවත් එක්ක යම්කිසි ඉපදීමකුත් එක්ක දියුණුවේ මංපෙත් කරා පිය නගන්නට අවකාශය ලැබෙන්නා වූ කාලපරිච්ඡේදයක් හැටියට තමයි මේ 2019 වසර හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් මේ ලබන්නාවූ 2019 වසර ඔබගේ ලග්නයෙන් ලග්නයට මොනවගේ ප්‍රතිඵලයක් ද භුක්ති විඳින්නට සිද්ධ වන්නේ කියන කාරණය පිළිබඳව විග්‍රහ කරන්නට තමයි අපේ සූදානම.

මේෂ ලග්නය

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයා සිකුරු සමඟ හත් වැන්නේ පිහිටා තිබෙනවා ඒ වගේම තමයි ගුරු බුධ 8 වැන්නේත් රවි සෙනසුරු සමඟ නම වැන්නේත් කුජ දොළොස්වෙන්නෙත් පිහිටමින් තමයි 2019 වසර ආරම්භ වෙන්නේ ඉතිං මේ ග්‍රහ සිත්තමත් එක්ක වර්ෂයේ ආරම්භයත් එක්කම තැන්පත් ධනය යම් යම් වෙනස්කම් සිද්ධ වන්නට ඉඩකඩ පවතින ග්‍රහ සිත්තමකින් තමයි ඔබ 2019 වසර මුහුණ දෙන්නේ, කෙසේ වෙතත් ආදායම් පාර්ශවයේ සරු වීමකුත් පෙන්නුම් කරනවා. බලාපොරොත්තුවෙන් සිටි යම් යම් වැඩ කටයුතු සඵල කර ගැනීමේ අවකාශ උදා වේවි. රැකී රක්ෂාවක් බලාපොරොත්තුවෙන් සිටි උදවියට රැකිරක්ෂා වල හිමිකම ලැබේවි. ඒ වගේම තමයි රැකියාවන්ගේ උසස් වීම් වැනි දේවල් වලට ඔබව නිර්දේශ වන බව පෙන්නුම් කරනවා. තැන්පත් ධනයෙහි වෙනස්කම් සිදු වුණත් වෙනත් ආකාරයෙන් ආදායම් මාර්ග උත්පාදනය කර ගැනීමේ හැකියාව ලැබෙන නිසාවෙන් ඒ ධනය උපයා ගැනීමේ හැකියාව ලැබේවි. ඒ වගේම තමයි අන් අයට නොපෙනෙන පැති වලින් ධනය උත්පාදනය කරන්නට හැකියාව ලැබේවි. විදෙස් ගමන් වැනි දේවල් වලින් සාර්ථකම ප්‍රතිඵල නෙළා ගන්නට හැකියාව ලැබෙන යහපත් වර්ෂයක් හැටියට තමයි මේෂයෙන් උපන් උදවියට 2019 වසර හදුන්වා දෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම තමයි ගෘහ ජීවිතය සාර්ථක අන්දමින් ගත හැකියාව ලැබේවි. විශේෂයෙන්ම ආවාහ විවාහ කටයුතුවලට මුල පුරන්නට බලාපොරොත්තුව සිටි උදවියට සඳු සහ සිකුරු හත්වැන්නේ පිහිටා තිබෙන නිසාවෙන් බලාපොරොත්තු වූ ආකාරයෙන්ම විවාහ කටයුතු කරගන්නට හැකියාව ලැබේවි. පෙම් සබඳකම් තහවුරු කරගන්නට අවශ්‍යය කරන ගහ සිත්තම් නිර්මාණය වී පවතින නිසාවෙන් සිතේ සතුට සැනසිල්ල ඇතුව 2019 වසර ආරම්භ කරන්නට හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි ආර්ථිකය ක්‍රමානුකූලව දියුණු කර ගැනීමේ හැකියාව ලැබේවි. වසර මැද භාගය වනවිට අතිශය සාර්ථක කාල පරිච්ඡේදයක් උදා කර ගැනීමේ අවකාශය භාග්‍යය පවතින බවක් තමයි පෙන්නුම් කරන්නේ ඒ වගේ ම තමයි අන් අයගේ ගරු බුහුමනට පාත්‍ර වීම සහ ඔබගේ කීර්තිය පැතිරෙන කාල පරිච්ඡේදයක් බවට පත්වේවි. තරග විභාග සම්මුඛ පරීක්ෂණ වැනි දේවල් වලින් ජය අත් කරගන්නට හැකියාව ලැබේවි. මේෂ ලග්නයෙන් උපන් උදවියට සුබ දිනයන් හැටියට ඉරිදා අඟහරුවාදා සෙනසුරාදා හඳුනන්ට පුළුවන්කම තිබෙනවා. සුබ අංකයන් ලෙස 1,2,4 අංක හදුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. සුබ වර්ණයන් ලෙස රතු සහ නිල් වගේම සුභ පාෂාණයක් ලෙස කතු කරණ සහ රතු මැණික් හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙනවා ඒ වගේම තමයි මේ 2019 වසර අතිශයින්ම සාර්ථක වර්ෂයක් බවට පත් කරගන්නට සෑම මසකම ආරම්භක සතියේ සෙනසුරාදා දිනක විෂ්ණු දෙවියන් වෙනුවෙන් නිල් මල් වට්ටියක් සහ නිල් තිරයක් පූජා කර ආශිර්වාද පූජාවක් පවත්වන්නට හැකියාවක් තිබෙනවා නම් 2019 වසරේ ඉතාමත්ම රමණීය වසරක් බවට පහසුවෙන්ම පත්කරගත හැකියාව පවතිනවා.


Share this

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයෙන් උපන් උදවියගේ චන්ද්‍රයා සිකුරු සමග 6 වැන්නේත් ගුරු සහ බුධ හත්වැන්නේ රවි සමඟ සෙනසුරු අටවැන්නේත් පිහිටමින් තමයි 2019 වසර ආරම්භ වෙන්නේ. විශේෂ යෙන්ම කුජ එකොලොස්වැන්නේ පිහිටා තිබීම විශේෂිත කාරණයක් බවට පත්වෙලා තිබෙනවා. කෙසේ වෙතත් ඔබ අමතක කරන්නට එපා 2019 වසර ගතකරන්නට සිදු වන්නේ සෙනසුරු ඒරාෂ්ඨකයේ පීඩාවන් එක්ක, ඒ නිසාවෙන් ඔබ ඉතාමත්ම කල්පනාකාරී වීම අත්‍යාවශ්‍යම කාල පරිච්ඡේදයක් හැටියට තමයි 2019 වසර හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. යම් යම් කරදර කාරී තත්වයන් පීඩාකාරී තත්ත්වයන් වරින් වර උද්ගත වන්නට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ධන හානි සිද්ධ වන්නට ඉඩකඩ පවතිනවා. කෙසේ වෙතත් ඔබගේ උට්ඨානවීර්යය සහ චිත්ත ශක්තියත් එක්ක තිබුන අනිටු ප්‍රතිඵල බොහොමයක් දුරු කර ගැනීමේ හැකියාව භාග්‍යයය පවතින බව කියන්නට ඕන. කෙසේ වෙතත් රැකි රක්ෂාවලට බාධක පැමිණෙනවා. සතුරු පීඩාවන් කරදර පීඩාවන් වන්නට ඉඩකඩ පවතිනවා. යම් යම් කල් අල්ලන රෝග පීඩාවන් නිසා ගැටළු ඇති වන්නටත් ඉඩකඩ පවතිනවා. ගෘහ ජීවිතයෙත් වරින් වර පීඩාකාරී තත්වයන්ට බඳුන් වීමේ අවකාශ පවතින නිසාවෙන් ඉවසීමෙන් යුක්තව කටයුතු කිරීම අවශ්‍යය වේවි. ඒ වගේම තමයි බලාපොරොත්තු කඩ වීම් වැනි දේවල් ඇති වන්නටත් ඉඩ කඩ පවතිනවා කෙසේ වෙතත් යම් යම් බාධාවන් මැද්දේ හෝ තමාගේ එදිනෙදා කටයුතු සාර්ථක කර ගැනීමේ අවකාශය පවතින නිසාවෙන් අධෛර්යයට පත් නොවී ඉදිරියට ගමන් කිරීම අවශ්‍යයම කාරණයක් බව සිහි තබාගෙන කටයුතු කිරීමෙන් ජයග්‍රහණ කිහිපයක් අත් කරගන්නට හැකියාව ලැබේවි කෙසේ වෙතත් තරග විභාගවලින් සමත්වීමට දැඩි උත්සාහයක් දරන්නට සිදු වේවි නමුත් දැඩි කැපවීමක් ජයග්‍රහණ රැසක් අත්කර ගන්නට හැකියාවකුත් ලැබේවි වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ශුභ දවස් හැටියට බදාදා සිකුරාදා සහ ඉරිදා දිනයන් හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. සුබ අංකය වශයෙන් 6 අංකය හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. ශුභ වර්ණය සුදු ක්‍රීම් සහ අයිවරි වර්ණයක් ලෙසත් සුබ පාෂාණ වර්ගය දියමන්ති සහ සුදු මැණික් ආදි වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඔබටත් හැකියාවක් පවතිනවා නම් 2019 වසර ආරම්භ කිරීමත් එක්කම විභීෂණ දෙවියන් වෙනුවෙන් මසකට වරක් කිරිපිඩු දානය පිළිගන්වන හැකියාවක් ඇත්නම් ඔබගේත් මේ එන්නට තිබෙන්නාවූ අනිටු ප්‍රතිඵල දුරුවෙලා සාර්ථක තත්ත්වයෙන් ගත කිරීමේ අවකාශය භාග්‍යය පාදෙන බවත් පෙන්නුම් කරනවා.


Share this

මිථුන ලග්නය

මිථුන ලග්නයෙන් උපන් ඔබගේ රාහු දෙවැන්නේ ඒ වගේම තමයි චන්ද්‍රයා සිකුරු පස්වැන්නේ පිහිටා තිබෙන අතර ගුරු බුධ ග්‍රහයන් 6 වැන්නේ පිහිටා තිබෙනවා. රවී සහ සෙනසුරු හත්වැන්නේ පිහිටමින් තමයි මේ 2019 වසර ආරම්භ වෙන්නේ. ඉතාම සුබදායක වසරක් හැටියට මිථුන ලග්ගනයෙන් උපන් ඔබට 2019 වසර හඳුන්වා දීමේ හැකියාව පවතිනවා. ඔබ බලාපොරොත්තු වන ආකාරයේන්ම ඔබගේ වටපිටාව නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතිනවා. කාලාන්තරයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි යම් යම් වැඩ කටයුතු සඵල කර ගැනීමේ අවකාශය පවතින යහපත් කාල පරාසයක් බවට පත්වෙලා තිබෙනවා. ව්‍යාපාර කටයුතුවල ජයග්‍රහණ ඉතාමත් හොඳින් අත්කර ගැනීමේ හැකියාව පවතිනවා. කුජ දහවැන්නේ පිහිටා තිබෙන නිසාවෙන් වසර ආරම්භයේ ම රැකී රක්ෂා වල ප්‍රගතියක් සහ උසස්වීම් වැනි දේවල් සිදුවන බවක් පෙන්නුම් කරනවා. තමන් කරන වැඩ කටයුතුවලින් සාර්ථකම ප්‍රතිඵල හිමිවේවි. ධනය පැත්තෙන් කරදර ඇති නොවන කාල පරිච්ඡේදයක් බවට පත්වෙලා තිබෙනවා. අලුත් අලුත් ආදායම් මාර්ග ඇති වන කාලයක් බවට පත්වනවා. දියුණුව සාර්ථකත්වය ඇතිවේවි. ස්වයං රැකියා සහ ව්‍යාපාර වැනි දේවල් ආරම්භ කරන්නට බලාපොරොත්තුවෙන් සිටින උදවියට ජයග්‍රහණ රැසක් අත්කර ගන්නට හැකියාව ලැබෙන යහපත් කාල පරාසයක් බවට පත්වෙලා තිබෙනවා. වසර මැද භාගයේ දී ඉතාමත්ම සුබදායකම ප්‍රතිඵල අත්වේවි. විදෙස් ගමන් වැනි දේවල් වලින් ජයග්‍රහණය කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි මූල්‍ය ආයතන වල සහයෝගයත් නිරන්තරයෙන්ම ලබා ගැනීමේ හැකියාව භාග්‍යය පවතින නිසා තමන්ගේ ව්‍යාපාර කටයුතු වැනි දේවල් සාර්ථකව ඉදිරියට කරගෙන යාමේ හැකියාව භාග්‍යය ලැබෙන යහපත් වසරක් හැටියට 2019 වසර හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙනවා. යුග දිවියට පාත්‍ර වන්නට බලාපොරොත්තුවෙන් සිටි උදවියට බලාපොරොත්තු ඉටුකර ගැනීමේ හැකියාවද පවතිනවා. ඒ වගේම තමයි පසුගිය කාල පරිච්ඡේද වල යම් යම් ගැටලු දායක තත්වයන් පැවතියේ නම් ඒ දේවල් නිරාකරණය කර ගැනීමේ හැකියාව පවතිනවා. ශරීර සෞඛ්‍යය පැත්තෙන් ගත්තොත් වරින්වර පීඩාකාරී තත්ත්වයක් මතු වන්නට ඉඩකඩ පවතිනවා. අධි රුධිර පීඩනය වැනි රෝග පීඩාවන්ට ලක් වී සිටින උදවිය විශේෂයෙන්ම ප්‍රවේසම් වීම අත්‍යාවශ්‍ය වෙනවා. සුළු සුළු ආබාධ සහ හදිසි අනතුරු වැනි දේ වලටත් ඉඩ පවතින කාල පරිච්ඡේදයක් නිසා ශරීර සෞඛ්‍යය පිළිබඳව වැඩි වශයෙන් කල්පනාකාරී වීම අත්‍යාවශ්‍ය වේවි. මිථුනෙන් උපන් ඔබට ශුභ දවස් හැටියට බදාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන් හදුන්වාදීමේ හැකියාව පවතිනවා. සුභ අංක විදිහට 3 සහ 5 හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. සුබ වර්ණයන් විදිහට කොළ සහ කහ වර්ණයත් සුබ පාෂාණයක් විදිහට පච්ච පාෂාණය හඳුන්වා දීමේ හැකියාව පවතිනවා.

ඉතිං ඔබටත් හැකියාවක් පවතිනවා නම් 2019 වසර ආරම්භයත් එක්කම ඔබ ප්‍රදේශයේ දිළිඳු පවුලකට වියළි සලාක ඇඳුම් පැළදුම් ආදිය අරන්දීමෙන් මේ 2019 වසර ආරම්භ කරන්නට, එන්නට තිබෙන්නාවූ අනිටු ප්‍රතිපල බොහොමයක් දුරුවෙලා වාසනාවන්ත කාල පරිච්ඡේදයක් උදා කර ගැනීමේ හැකියාව භාග්‍යය පවතිනවා.


Share this

කටක ලග්නය

කටක ලග්නයෙන් උපන් ඔබ රාහු ලග්නගතව චන්ද්‍රයා සිකුරු සමග හතරවැන්නේ ගුරු සහ බුධ පස්වැන්නේ පිහිටමින් තමයි 2019 වසර ආරම්භ වෙන්නේ කුජ නමවැන්නේ පිහිටා තිබෙන නිසාවෙන් පිය පාර්ශ්වය උදව් උපකාර නිරන්තරයෙන්ම හිමිකර ගැනීමේ හැකියාව භාග්‍යය ලැබෙනවා. ඒ වගේම තමයි දියුණුව සාර්ථකත්වය කැපී පෙනෙන ලෙස ඉහල නංවා ගැනීමේ හැකියාව භාග්‍යය පවතිනවා. ජීවිතය සරු කරන්නට අවශ්‍යය කරන බොහෝ දේවල් සම්පාදනය වන බව පෙන්නුම් කරනවා. තමන් කරන සෑම කටයුත්තකින්ම ජය අත් කරගන්නට හැකියාව ලැබේවි. ඒ වගේම තමයි තමාගේ ජීවිතය සරු කරන්නට අවශ්‍යය කරන බොහෝ දේවල් සම්පාදනය වේවි. අලුත් නිවාස සහ යානවාහන වැනි දේවල් ලැබීමේ හැකියාව භාග්‍යය පවතින කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. තමන් කරන සෑම කටයුත්තකින්ම ජය අත්කර ගන්නට හැකියාව ලැබේවි. ජීවිතයේ බලාපොරොත්තු නොවන ආකාරයට ඉහළ නංවා ගැනීමේ හැකියාව පවතිනවා. ආවාහ විවාහ කටයුතු වලට මුල පුරන්නට බලාපොරොත්තුවෙන් සිටි උදවියට තමන් හිතුවටත් වඩා සාර්ථක විවාහයකට මුල පුරන්නට හැකියාව ලැබේවි. ජීවිතය සරු කරන්නට අවශ්‍යය කරන බොහෝ දේවල් සම්පාදන වේවි. ඒ වගේම තමයි පසුගිය කාල පරිච්ඡේදවල යම් යම් ගැටලු දායක තත්වයන් තිබුණේ නම් ඒ දේවල් නිරාකරණය කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඔබගේ කීර්තිය පැතිරෙන කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. අලුත් ව්‍යාපාරයකට හෝ ස්වයං රැකියාවකට මුලපුරන්නට බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ දේවල් සඵල කරගෙන දිනෙන් දින දියුණුවට පත් කරගෙන ඉදිරියට යන්නට හැකියාව භාග්‍යය ලැබේවි. ඒ වගේම තමයි ජීවිතයට අවශ්‍යය කරන බොහෝ දේවල් හිමිකර ගැනීමේ හැකියාව ලැබෙනවා. කාලාන්තරයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි යම් යම් බලාපොරොත්තු ඉටුකර ගැනීමේ හැකියාව භාග්‍යය ලැබේවි. තමාගේ සිතේ සතුට සැනසිල්ල වර්ධනය වන කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. තරග විභාග සම්මුඛ පරීක්ෂණ වැනි දේවල් වලින් නිසැක ජයක් අත්කර ගන්නට හැකියාව ලැබේවි. රැකියාවේ උසස්වීම් සහ විදෙස් ගමන් වැනි දේවල් සඵල වන කාල පරිච්ඡේදයක් බවට පත්වෙලා තිබෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍යය තත්වයත් ඉතා හොඳින් පවත්වාගෙන යෑමේ හැකියාව ලැබේවි. වරින්වර එන වාත රෝග වැනි දේවල් වලින් පීඩාවට පත්වුවත් තදබල විදිහට පීඩාවකට පත් නොවී ඉදිරියට යන්නට හැකියාව ලැබෙන යහපත් කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. කටක ලග්නයෙන් උපන් ඔබට ශුභ දවස් හැටියට ඉරිදා සඳුදා අඟහරුවාදා දිනයන් හඳුන්වා දීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි සුභ අංකයන් හැටියට 2, 7 සහ 9 හඳුන්වා දීමේ හැකියාව පවතිනවා. ශුභ වර්ණය විදිහට සුදු සහ ක්‍රීම් වර්ණය හඳුන්වා දීමේ හැකියාව පවතිනවා. සුබ මැණික් විදිහට මුතු සහ චන්ද්‍රකාන්ති හඳුන්වා දීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි 2019 වසර ආරම්භයත් එක්ක ඔබටත් හැකියාවක් පවතිනවා නම් ඔබ අදහන ඕනෑම ශාස්තෘවරයෙකුට කිරිපිඩු දානයක් සමග වැටකේ මලක් පූජා කරන්නට වෙන්නට තිබෙන්නාවූ අනිටු ප්‍රතිපල සියල්ල දුරු වෙලා වාසනාවන්ත ආකාරයෙන් 2019 වසර ගත කිරීමේ හැකියාව ලැබෙනවා.


Share this

සිංහ ලග්නය

සිංහ ලග්නයෙන් උපන් ඔබට චන්ද්‍රයා සිකුරු සමඟ තුන් වැන්නේත් කුජ බුධ හතර වැන්නේ සහ රවි සෙනසුරු පස්වැන්නේ සිටිමින් තමයි 2019 වසර ආරම්භ වෙන්නේ. ඒ වගේම තමයි කුජ 8 වැන්නේ පිහිටා තිබෙන නිසාවෙන් කල්පනාකාරී වීම අත්‍යාවශ්‍ය වෙනවා අනතුරුදායක තත්ත්වයකුත් පෙන්නුම් කරනවා. මේ නිසා සිංහයෙන් උපන් ඔබ කරන වැඩ පිළිබඳව ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය කාලපරිච්ඡේදයක් හැටියට තමයි හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙන්නේ. ජීවිතය සරු කරන්නට අවශ්‍යය කරන බොහෝ දේවල් ලැබෙන්නට නියමිතව තිබුණත් ඒ දෙවල් නොලැබී බාධා සහිත වීම නිසාවෙන් සිතේ කනස්සල්ල ඇතිවන්නට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි බොහෝ අවස්ථාවන් තුළදී තමා බලාපොරොත්තු වුන දේවල් ඉටුකර ගැනීමට නොහැකිව බාධාකාරි තත්ත්වයන්ට මුහුණ දීමේ අවකාශය පවතින නිසාවෙන් දැඩි උත්සාහශීලි වීම අත්‍යාවශ්‍යම කාරණයක් බවට පත්වනවා. ඒ වගේම තමා ඔබගේ කීර්තිය සහ ඔබගේ ප්‍රතාපවත් බව තරමක් දුරට හෝ යටපත් වන කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. බලාපොරොත්තු යම් යම් අවස්ථාවන් තුළදී බිද වැටේවි. කෙසේ වෙතත් දියුණුව සාර්ථකත්වය ඇති කරගන්නට දරන්නාවූ වෙහෙසෙහි ප්‍රතිඵල යම් යම් ආකාරයෙන් පිළිබිඹු කරන්නට හේතුවන කරුණු කාරණා යෙදෙනවා. ධනය අතින් සුළු සුළු රදර ඇති වූවත් උත්පාදන ශක්තිය වර්ධනය කර ගැනීමේ හැකියාවකුත් පවතිනවා. මේ නිසාවෙන් දැඩි චිත්ත ශක්තියකින් යුක්තව කටයුතු කළහොත් යම් යම් ජයග්‍රහණය ඉටුකර ගැනීමේ හැකියාව පවතිනවා. කෙසේ වෙතත් විදෙස් ගමනක් පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ දේවල් නම් නිසැකවම සකස් වන බවක් නම් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි ජීවිතය සාර්ථක අන්දමින් ගත කිරීමේ හැකියාව ලැබෙනවා. ආවාහ විවාහ කටයුතු සඵල වේවි. ඒ වගේම තමයි පසුගිය කාල පරිච්ඡේද තුළ පැවති බාධාකාරී තත්ත්වයන් බොහොමයක් දුරු කරගැනීමේ හැකියාව ලැබෙනවා. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින උදවියට දරුපල හිමි වන කාල පරිච්ඡේදයක් බවට පත්වේවි. ඒ වගේම තමයි දුර බැහැර ගමන් බිමන් සහ නිෂ්ඵල ගමන් යෙදෙන්නට ඉඩකඩ පවතිනවා. නිකරුනේ ධන හානියන් වසර ආරම්භයේදීම සිදුවන ඉඩකඩ පවතින නිසාවෙන් ඔබගේ ධනය පිළිබඳව කල්පනාවෙන් යුක්තවම කටයුතු කිරීම අත්‍යාවශ්‍යම සාධකයක් බවට පත්වනවා. සිංහ ලග්නයෙන් උපන් උදවියගේ ශුභ දවස් හැටියට ඉරිදා අඟහරුවාදා සහ සිකුරාදා දිනයන් හඳුන්වා දීමේ හැකියාව පවතිනවා. සුභ අංකයන් විදිහට 1 සහ 4 හඳුන්වා දීමේ හැකියාව පවතිනවා. සුබ වර්ණය විදිහට රතු වර්ණයත් සුබ පාෂාණය හැටියට පත්මරාග පාෂාණයත් හදුන්වාදීමට හැකියාව පවතිනවා. ඒ වගේම තමයි ඔබටත් 2019 වසර ආරම්භයත් එක්කම ඉතා දිළිඳු පවුලකට අයත් නිවෙසක් පිළිසකර කර දෙන්නට හැකියාව පවතිනවා නම් 2019 වසර ඉතාමත්ම සාර්ථක වසරක් බවට පහසුවෙන්ම පත්කරගත හැකියාව භාග්‍යය පවතිනවා.


Share this

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයා සිකුරු සමග දෙවැන්නේත් ගුරු බුධ සමඟ තුන්වැන්නේ රවී සෙනසුරු සමග හතරවැන්නේ පිහිටමින් තමයි 2019 වසර ආරම්භ වෙන්නේ කුජ 7 වැන්නේ පිහිටා තිබෙනවා. මේ නිසාවෙන් ජීවිතය සුළු සුළු බාධාකාරී තත්වයන් ඇතිවන්නට ඉඩකඩ පවතිනවා. කෙසේ වෙතත් සුබදායක වසරක් හැටියට තමයි පොදුවේ හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඔබගේ බලාපොරොත්තු ඉටු කරගන්නට අවශ්‍යය කරන ශක්තිය යෙදී පවතිනවා. දියුණුව සාර්ථකත්වය ඇති කරනවා. ඒ වගේම තමයි ඔබගේ වචනය බලවත් කරන කාල පරිච්ඡේදයක් බවට වසර ආරම්භයේදීම පත්වනවා. ඔබ කියන ඕනෑම දෙයක් අන් අය පිළිගන්නට සමත් වන කාල පරිච්ඡේදයක් බවට පත්වේවි. වචනය පාවිච්චි කරමින් ධනය උපයන උදවියට නම් ඉතාමත්ම සාර්ථක අන්දමින් තමාගේ වැඩ කටයුතු නිම කර ගැනීමේ හැකියාව පවතිනවා. දුර බැහැර ගමන් බිමන් සහ විනෝද චාරිකා වැනි දේවල් වලට නිරන්තරයෙන් යන්නට ඉඩකඩ ලැබෙන කාල පරිච්ඡේදයක් බවටත් පත්වේවි. ඒ වගේම තමයි තරග විභාග සම්මුඛ පරීක්ෂණ වැනි දේවල් වලින් ජය අත් කරගන්නට හැකියාව ලැබෙනවා. අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වන්නට බලාපොරොත්තුවෙන් සිටි උදවියට ඒ සඳහා දොරගුළු විවර වන කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. දියුණුව සාර්ථකත්වය නිරන්තරයෙන්ම ඇති වේවි, ඒ වගේම තමයි කරදර බාධක බොහොමයක් ඉවත් වේවි. අලුත් නිවසක පදිංචියට යාමට හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක් බවට පත් වනවා. ඒ වගේම තමයි දූ දරුවන් අපේක්ෂාවෙන් සිටි උදවියටත් දූ දරුවන්ගේ ලැබීම් පෙන්නුම් කරන කාලයක් බවට පත්වනවා. අධ්‍යාපන කටයුතුවල විශේෂ දියුණුවක් ඇතිවේවි. අලුත් අලුත් විෂයයන් ඉගෙනීමට ලැබෙන කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. ශරීර සෞඛ්‍යයනම් තරමක් දුරට බාධාකාරී තත්ත්වයන් මතුවනවා. පැතිරී යන රෝග පීඩාවන්ගෙන් සහ වෛරස් රෝග වලින් නිරන්තරයෙන් පීඩා වන්නට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ආහාර විෂවීම් සහ රුධිරය විෂවීමෙන් ගැටලු දායක තත්ත්වයන් මතු වන්නට ඉඩකඩ පවතිනවා. මේ නිසා ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය කාල පරිච්ඡේදයක් බවට පත්වෙලා තිබෙනවා. ශරීර සෞඛ්‍යය පිළිබඳව වැඩි අවධානයකින් සිටීම අවශ්‍යයම වෙනවා. කන්‍යාවෙන් උපන් ඔබට සුබදායක දිනය හැටියට බදාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දවස් හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. සුබ අංකයන් විදිහට 2, 3 සහ 7 අංක හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙනවා. සුබ වර්ණයන් විදිහට කොළ වර්ණයත් සුබ පාෂාණය විදිහට පච්ච පාෂාණයත් හදුන්වාදීමට හැකියාව තිබෙනවා. ඉතින් ඔබටත් 2019 වසර සාර්ථක වර්ෂයක් බවට පත් කරගන්නට සෑම මසකම ආරම්භක බදාදා දිනයේ කතරගම දෙවියන් වෙනුවෙන් මුරුතැන් පූජාවක් පිළිගන්වන්නට හැකියාවක් ලැබෙනවා නම්, මේ වසර ඉතාමත්ම සෞභාග්‍යයමත් වසරක් බවට පහසුවෙන්ම පත්කරගැනීමේ හැකියාව භාග්‍යය ලැබෙනවා.


Share this

තුලා ලග්නය

තුලා ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයා සිකුරු සමඟ ලග්නගතව පිහිටා තිබෙන්නේ. ගුරු සහ බුධ දෙවැන්නේ පිහිටා තිබෙනවා.ඒ වගේම තමයි කුජ 6 වැන්නේ පිහිටමින් 2019 වසර ආරම්භ වෙනවා. ඉතාමත්ම සුවදායක වර්ෂයක් හැටියට තමයි තුලා ලග්න හිමි ඔබට මේ වසර හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. දියුණුව සාර්ථකත්වය ඇතිවෙනවා. ඔබගේ කීර්තිය පැතිරෙනවා. විවාහ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව නිසැකන්ම ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි තමන් බලාපොරොත්තු නොවුණු ධන ලාභ ලැබෙන්නට ඉඩකඩ තිබෙන කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. භූමිලාභ ලැබෙවි ඒවගේම තමයි ඉඩකඩම් යානවාහන වැනි දේවල් හිමි කරගන්නට හැකියාව ලැබෙන යහපත් කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. අලුත් නිවසකට පදිංචියට යන්නට අවකාශය ලැබේවි. ඒ වගේම තමයි ඉඩමක් ගන්නට යාන වාහන මිලදී ගන්නට බලාපොරොත්තුවෙන් සිටි උදවියට ඒ සඳහා දොරගුළු විවෘත වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ දියුණුව කැපී පෙනෙන ලෙස ඉහල යන අගයක් තමයි පෙන්නුම් කරන්නේ. ජීවිතය සරු කරන්නට අවශ්‍යය බොහෝ දේවල් හිමිවිය වේවි. ගෘහ ජීවිතය වාසනාවන්ත වේවි. රැකියාවන්ගේ උසස්වීම් සහ දියුණුව සාර්ථකත්වය ඇතිවේවි. අලුත් අලුත් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නට බලාපොරොත්තුවෙන් සිටියා නම් මේ දේවල් සඵල කරගෙන ඉදිරියට යන්නට හැකියාව ලැබේවි. ජීවිතයට අවශ්‍යය කරන බොහෝ දේවල් සම්පාදනය වන බවක් පෙන්නුම් කරනවා. ගෘහ ජීවිතය ඉතාමත්ම වාසනාවන්ත ආකාරයෙන් ගත කිරීමේ හැකියාව ලැබෙනවා. ශරීර සෞඛ්‍යයයද ඉතාමත්ම යහපත් අන්දමින් පවත්වාගෙන යාමේ හැකියාව පවතිනවා. උදරාශ්‍රිත රෝග පීඩාවන් සහ උෂ්ණාධික රෝග පීඩාවන්ගෙන් වරින්වර පීඩාවන් ඇතිවන්නට ඉඩකඩ පවතිනවා. කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් නිරෝගී සම්පන්න ලෙස මේ වසර ගත කිරීමේ හැකියාව ලැබෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේ ම තමයි රැකියාවන්ගේ උසස්වීම් ස්ථානමාරුව සහ බලාපොරොත්තුවන රැකී රක්ෂාවක් හිමිකර ගැනීමේ හැකියාව ලැබේවි. තුලා ලග්නයෙන් උපන් ඔබ ශුභ දවස් හැටියට අඟහරුවාදා බදාදා සහ සෙනසුරාදා දිනයන් පාවිච්චි කිරීම ඉතාමත් සුබ දායකයි. සුබ අංකයන් ලෙස 6 අංකය හඳුන්වාදීමට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි සුබ වර්ණයන් විදිහට සුදු ක්‍රීම් සහ අයිවරි වර්ණයත් සුබ පාෂණයන් ලෙස දියමන්ති සහ සුදු මැණික් පාෂණ වර්ග හඳුන්වා දීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔබටත් හැකියාවක් පවතිනවා නම් 2019 වසර වඩා සෞභාග්‍යයමත් වසරක් බවට පත්කරගන්නට මේ වසර ආරම්භයත් එක්කම විභීෂණ දෙවියන් වෙනුවෙන් කුරුදු දර වලින් පිසු කිරිබත් සහ සුදු නෙළුම් මල් වට්ටියක් පූජා කරන්නට එන්නට තිබෙන අනිටු ප්‍රතිපල බොහොමයක් දුරු වෙලා සාර්ථකම තත්ත්වයට පත්කර ගැනීමේ හැකියාව භාග්‍යය පවතිනවා.


Share this

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයේන් උපන් ඔබගේ බුධ සහ සිකුරු ගුරු ලග්නගතවත් සෙනසුරු සහ රවි දෙවැන්නේත් කුජ පස්වැන්නේ සහ සඳු සිකුරු 12 වැන්නේත් ආදී වශයෙන් පිහිටමින් තමයි 2019 වසර ආරම්භ වෙන්නේ. තරමක් දුරට බාධාවන් මැද්දේ ගමන් කරන්නට සිදුවන වසරක් හැටියට තමයි හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. වසර ආරම්භයත් එක්කම අධික වියදම් යෙදෙන කාල පරිච්ඡේදයක් බවට පත්වේවි. වරින් වර ගැටළුදායක තත්වයන් මතුවනවා. දියුණුව සාර්ථකත්වයට වරින් වර බාධා පැමිණෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපනය ලබන උදවියට වැඩි වශයෙන් උත්සාහ කරන්නට සිදුවන කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. බාධාකාරී තත්ත්වයන් වැඩිවන නිසාවෙන් සිතේ කනස්සල්ල සහ කලකිරීම වර්ධනය වන්නට ඉඩකඩ පවතිනවා. කෙසේ වෙතත් විදෙස් ගමන් කරන කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. ඉන්නා ප්‍රදේශයෙන් ඉවත්ව වෙනත් ප්‍රදේශයක පදිංචියට යන්නට සිත්යෙදෙන කාල පරිච්ඡේදයක් බවට පත්වේවි. ඒ වගේම තමයි නිෂ්ඵල ගමන් බිමන් සහ නිෂ්ඵල වියදම් යෙදෙන කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. සතුරු කුමන්ත්‍රණ වලින් ගැටලු ඇතිවන්නට ඉඩ කඩ පවතිනවා. කෙසේ වෙතත් තමන් බලාපොරොත්තු වන ආකාරයට කටයුතු සිදු නොවීම නිසාවෙන් කලකිරීම වර්ධනය වේවි. ශරීර සෞඛ්‍යයයටත් වරින් වර බාධා පැමිණෙනවා. උෂ්ණ රෝග කල් අල්ලන රෝග පීඩාවන් සහ අනතුරු වලින් ඇතිවන ගැටලු දායක තත්ත්වයන් ඇතිවන කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. කෙසේ වෙතත් ඉතාමත්ම සංයමයෙන් යුක්තව කාලය හසුරුවා ගැනීමෙන් තමන්ට එන්නට තිබෙන බව බොහෝ ගැටළු දායක තත්ත්වයන් සඳහා විසඳුම් සොයා ගැනීමේ හැකියාව පවතිනවා. ධෛර්ය සම්පන්න වීම සහ නොපසුබස්නා උත්සාහය නිසාවෙන් යම් යම් කටයුතු සඵල කරගෙන ඉදිරියට යන්නටත් හැකියාව ලැබේවි කෙසේ වෙතත් සුබාසුබ විශ්ව තත්වයක් නිසාවෙන් කල්පනාකාරී වීම අත්‍යාවශ්‍ය ම වර්ෂයක් හැටියට තමයි හඳුන්වන්නට පුළුවන්කම තිබෙන්නේ. වෘශ්චිකයෙන් උපන් ඔබට සුබදායක දිනයන් හැටියට ඉරිදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම සුබදායක අංක විදිහටත් 1, 2 සහ 5, 7 යන අංකයන් හදුන්වා දෙන්න පුළුවන්කම තිබෙනවා. සුබ වර්ණය විදියට රතු වර්ණයත් ශුභ මැණික් විදිහට රතු මැණික් සහ රතු කොරල් හඳුන්වා දීමට හැකියාව පවතිනවා. ඉතින් ඔබටත් මේ වසර ආරම්භයට මත්තෙන් හැකියාව පවතිනවා නම් කඳසුරිඳු වෙනුවෙන් මුරුතැන් පූජාවක් සුදු නෙළුම් මල් වට්ටියක් සහ කිරිවෙහෙරට මුතු කුඩයක් පූජා කරන්නට හැකියාව පවතිනවා නම්, එන්නට තිබෙන අනිටු ප්‍රතිඵල බොහොමයක් දුරුවෙලා සාර්ථක තත්ත්වයට පත්වීමේ හැකියාව භාග්‍යය ලැබෙනවා.


Share this

ධනු ලග්නය

ධනු ලග්නයෙන් උපන් ඔබගේ රවී සෙනසුරු ලග්නගතවත් කුජ 4 වැන්නේත් ගුරු සහ සිකුරු එකොළොස්වැන්නේ සහ ගුරු බුධ දොළොස්වැන්නේ පිහිටමින් තමයි 2019 වසර ආරම්භ වෙන්නේ. ලග්න ඒරාෂ්ටකය උච්චම අවස්තාවක් ගත කරන නිසාවෙන් ධනු ලග්න හිමියන්ට ඉතාමත්ම කලකිරීම් ඇති කරන වසරක් හැටියට හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. බලාපොරොත්තු උන වැඩ කටයුතු බාධා සහිත වීම නිසාවෙන් ඉතාමත්ම සිත් බිඳීම සිත් කලකිරීම් ඇති වේවි. ළඟම සිටින මිතුරන් පවා තමන්ට සතුරු වන බවක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි ගෘහ ජීවිතය තුලත් වරින් වර බාධාකාරී තත්ත්වයන් මතු කරන කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. දියුණුවට සාර්ථකත්වයට බාධා පැමිණෙන කාලයක් බවට පත්වනවා. ජීවිතයේ එපාවන කාල පරිච්ඡේදයක් බවට පත් වන්නට ඉඩකඩ පවතිනවා. කෙසේ වෙතත් ඉවසීම සහ උත්සාහය අනුව වැඩ කටයුතු සඵල කර ගැනීම අවශ්‍යයම වසරක් හැටියට තමයි මේ වසර හදුන්වා දෙන්න පුළුවන්කම තිබෙන්නේ. නිෂ්ඵල ධන හානි නිෂ්ඵල ගමන් බිමන් සහ නිෂ්ඵල වැඩ කටයුතුවලට යොමු වීම සිදුවන කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. ඔබගේ කීර්තියට හානි සිදුවන කාලයක් බවටත් පත් වේවි. දියුණුවට බාධාවන් පැමිණෙනවා. රැකියාවන් අහිමිවීම් සහ රැකියාවන් එපා වීම් සිද්ධ වෙනවා. ඒවගේම තමා දුෂ්කර පළාත් සඳහා ස්ථාන මාරු හිමි වන කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. එනිසාවෙන් ඉතාමත්ම සංයමයෙන් යුක්තව ම 2019 වසර ගත කරන්නට සිත් තබාගත යුතු කාල පරිච්ඡේදයක් හැටියට තමයි හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. රෝග පීඩාවන් පැත්තෙන් ගත්තොත් වරින්වර ඇතිවෙන්නාවූ රෝග පීඩාවන් නිසා ගැටුම් ඇතිවන්නට ඉඩකඩ පවතිනවා. අධිරුධිර පීඩනය සහ හිසට අදාළ වන්නා වූ රෝග පීඩාවන්ගෙන් ගැටලු ඇති වීමට ඉඩකඩ පවතිනවා. ධනු ලග්නයෙන් උපන් ඔබට සුබදායක දවස් හැටියට ඉරිදා බදාදා සහ සිකුරාදා දිනයන් හඳුන්වාදීමට පුළුවන්කම තිබෙනවා. සුබ අංකයන් විදිහට 3, 5 සහ 6 අංක හදුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. සුබ වර්ණ විදිහට කහ වර්ණයත් ශුභ මැණික් විදියට පුෂ්පරාග පාෂාණයක් හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමා ධනු ලග්නයෙන් උපන් ඔබට හැකියාවක් පවතිනවා නම්, රුවන්වැලි මහා සෑයට සුදු නෙළුම් මල් පූජාවක් පවත්වන්නට හැකියාවක් ඇත්නම් එන්නට තිබෙන්නාවූ අනිටු ප්‍රතිඵල බොහොමයක් දුරුවෙලා සාර්ථක තත්ත්වයට පත්වීමේ හැකියාව භාග්‍යය ලැබෙනවා.


Share this

මකර ලග්නය

මකර ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයා සිකුරු සමග දහවැන්නේත් ගුරු බුධ එකොලොස් වැන්නේත් රවි සෙනසුරු සමග දොළොස්වැන්නෙත් පිහිටමින් තමයි 2019 වසර ආරම්භ වෙන්නේ. තරමක් බාධාකාරී වසරක් හැටියට තමයි මකරයේ උපන් ඔබට හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. ධන හානි ඇතිවන ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි බාධා සහිත තත්වයන් වරින් වර මතු වේවි. කෙසේ වෙතත් ඔබගේ උත්ටානශීලි වීර්යයත් නිසා සාර්ථක අන්දමින් යම් යම් දේවල් කර ගැනීමේ හැකියාවකුත් පවතිනවා. ව්‍යාපාර කටයුතුවල විශේෂ දියුණුවක් ඇතිකර ගන්නට හැකියාව ලැබේවි. ඒ වගේම තමයි තමන් බලාපොරොත්තුවන ආකාරයටම වැඩ කටයුතු සිද්ද නොවුනත් යම් ප්‍රමාණයකට හෝ සාර්ථක කරගෙන ඉදිරියට යන්නට හැකියාව ලැබේවි. සුළු සුළු බාධාකාරී තත්ත්වයන් ඇති වේවි. කෙසේ වෙතත් රැකි රක්ෂාවන් වල වෙනසක් නොවී සිදු කරගෙන යෑමේ හැකියාව පවතිනවා. තනතුරු ලාබ ආදිය බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ දේවල් මඟ හැරී යන්නටත් ඉඩකඩ පවතිනවා. කෙසේ වෙතත් සුබ අසුබ මිශ්‍ර කාලපරිච්ඡේදයක් නිසා දැඩි ලෙසම උත්සාහ ශීලිව කටයුතු කළහොත් ජයග්‍රහණ රැසක් අත්කර ගන්නට හැකියාව ලැබේවි. ගෘහ ජීවිතයෙත් බාධාකාරී තත්ත්වයන් මතු වනවා. ඒ වගේම තමයි විදෙස් ගමන් වැනි දේවල් සාර්ථක කරගැනීමේ හැකියාවකුත් පවතිනවා. තමන් බලාපොරොත්තු වුන ආකාරයටම වැඩකටයුතු සිදු නොවීම නිසා සිත් තැවුල් ඇති වේවි. ඒ වගේම තමයි තමන්ගේ යාළු මිත්‍රයන්ගෙන් වැඩිවශයෙන් ප්‍රවේසම් වීම අත්‍යාවශ්‍ය ම කාලයක් බවට පත්වනවා. දිය යටින් ගිනි ගෙනියන අයගෙන් වගේම දිය රෙද්දෙන් බෙල්ල කපන උදවිය ගෙනුත් ප්‍රවේසම් විය යුතු වසරක් හැටියට තමයි 2019 වසර හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම තමයි තරග විභාග සම්මුඛ පරීක්ෂණ වැනි දේවල් වලට වරින්වර බාධාවන් පැමිණේවි. දැඩි උත්සාහය අත්‍යාවශ්‍යම කාල පරිච්ඡේදයක් බවට පත්වේවි. ශරීර සෞඛ්‍යයයටත් සුළු සුළු බාධාවන් පැමිණෙන කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. මුත්‍රා ආබාධ වකුගඩු රෝග සහ උදරශ්‍රිත රෝග පීඩාවලට ඉඩකඩ පවතින කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. සුබදායක දවස් විදිහට අඟහරුවාදා සිකුරාදා සහ සෙනසුරාදා දිනයන් හඳුන්වා දීමට හැකියාව පවතිනවා. සුබ අංක විදියට 6, 8 සහ 9 දුන්නා දෙන්නට පුළුවන්කම තිබෙනවා. සුබ වර්ණයන් විදිහට නිල් වර්ණයත් ශුභ පාෂාණය හැටියට නිල් මැණික් පාෂාණයත් හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි 2019 වසර වඩා සාර්ථක වසරක් බවට පත්කරගන්නට ඔබටත් හැකියාවක් පවතිනවා නම් කිරිවෙහෙරට පූජාවක් පිළිගන්වන්නට, එන්නට තිබෙන අනිටු ප්‍රතිඵල දුරුවෙලා සාර්ථක තත්ත්වයට පත්වීමේ හැකියාව ගොඩනැගෙනවා.


Share this

කුම්භ ලග්නය

කුම්භ ලග්නයෙන් උපන් උදවියට චන්ද්‍රයා සිකුරු සමග නම වැන්නේත් ගුරු බුධ දහවැන්නේත් රවි සහ සෙනසුරු එකොළොස්වැන්නේත් පිහිටමින් තමයි 2019 වසර ආරම්භ වෙන්නේ. අතිශයින්ම සුබදායක වසරක් හැටියට කුම්භ ලග්නයෙන් උපන් ඔබ විට මේ වසර හඳුන්වන්න පුළුවන් කම තිබෙනවා. ඔබගේ බලාපොරොත්තු ඉටු කරන කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. දියුණුව සාර්ථකත්වය ඇති කරන කාලයක් බවට පත්වනවා. නොසිතූ විරූ ලාභ හිමිවන කාලයක් බවට පත්වනවා. ඒ වගේම තමයි අන් අයට නොපෙනෙන පැති වලින් ආදායම් මාර්ග උත්පාදනය කර ගැනීමේ හැකියාව පවතිනවා. ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නට බලාපොරොත්තුවෙන් සිටි උදවියට නිසැකවම මේ දේවල් ඉටුකර ගැනීමේ හැකියාව භාග්‍යය ලැබෙනවා. ඒ වගේම තමයි ජීවිතය සරුකර ගන්න අවශ්‍යය කරන බොහෝ දේවල් සම්පාදනය වන කාල පරිච්ඡේදයක් බවට පත්වේවි. කීර්තිය සහ ප්‍රශංසාව වැඩිවන කාල පරිච්ඡේදයක් බවට පත්වේවි. භූමි ලාභ හිමිවන කාල පරිච්ඡේදයක් බවට පත්වේවි. තමන් අතගසන සෑම කටයුත්තකින්ම ජය අත්කර ගන්නට හැකියාව ලැබේවි. ව්‍යාපාර දියුණුවේවී. ඒ වගේම තමයි ගෘහ ජීවිතය සාර්ථක අන්දමින් ගත කර ගැනීමේ හැකියාව ලැබෙනවා. අවාහ විවාහ කටයුතු සඵල වේවි. ඒ වගේම තමයි දූ දරුවන් අපේක්ෂාවෙන් සිටි උදවියට දූ දරුවන් ලැබෙන කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. අධ්‍යාපනය ලබන කාල වකවානුවල ගත කරන උදවියට ඉතාමත්ම සුභදායක ප්‍රතිඵල අත්කර ගන්නට හැකියාව ලැබෙනවා. තරග විභාගවලින් නිසැක ජයක් අත්කර ගන්නට හැකියාව ලැබෙනවා. ජීවිතය සරුකර ගන්නට අවශ්‍යය බොහෝ දේවල් සම්පාදනය වන බවක් පෙන්නුම් කරනවා. තමන් කරන සෑම කටයුත්තකින්ම ජය අත්කර ගන්නට හැකියාව ලැබේවි. ජිවිතයට වැදගත් වන්නා වූ පුද්ගලයන් මුණ ගැසේවි. ඒ වගේම තමා මූල්‍ය ආයතන වල සහයෝගය නොමදව ලැබෙන කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. දියුණුවට සාර්ථකත්වයට අතවනන කාල පරිච්ඡේදයක් බවට පත්වනවා. කුම්භයෙන් උපන් උදවියට සුබදායක දවස් හැටියට බ්‍රහස්පතින්දා සිකුරාදා සහ සෙනසුරාදා දිනයන් හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. ශුභ අංක විදිහට 3 8 සහ 9 හදුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. සුබ වර්ණ විදියට රතු සහ නිල් වර්ණයත්, ශුභ පාෂාණය විදිහට කාක නිල් පාෂාණයත් හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි ඔබටත් හැකියාව පවතිනවා නම්, 2019 වසර වඩා සෞභාග්‍යයමත් වසරක් බවට පත්කරගන්න සාමනේර හිමිනමකට සිවුරක් සමග පොත් පත් ආදියෙන් සංග්‍රහ කරන්නට එන්නට තිබෙන්නාවූ අනිටු ප්‍රතිඵල බොහොමයක් දුරුවෙලා සාර්ථක තත්ත්වයට පත්වීමේ හැකියාව භාග්‍යය ගොඩනැගෙනවා.


Share this

මීන ලග්නය

මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නගතව කුජ පිහිටා තිබෙනවා. ඒ වගේම තමයි සඳු සිකුරු 8 වැන්නේත් ගුරු බුධ නමවැන්නේත් සෙනසුරු සමඟ රවී දහවැන්නෙත් පිහිටමින් තමයි මේ 2019 වසර ආරම්භ වෙන්නේ. මීන ලග්නයෙන් උපන් උදවියට වරින් වර බාධක පැමිණියත් සුබ අසුබ මිශ්‍ර වසරක් හැටියට හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. බලාපොරොත්තු වන අන්දමට ම තමාගේ වැඩ කටයුතු සඵල කරගත නොහැකි වුවත් තමන් කරන වැඩකටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාව භාග්‍යය ලැබේවි. ජීවිතයට සරු කරන්නට අවශ්‍යය කරන බොහෝ දේවල් සම්පාදනය වී තමාගේ බලාපොරොත්තු ඉටු කරගන්නට හැකියාව ලැබෙනවා. කෙසේ වෙතත් රැකිරක්ෂා වලටනං යම්යම් බාධාවන් ඇති වනවා විශේෂයෙන්ම රැකියාවන්ගේ ස්ථානමාරු බලාපොරොත්තු නොවුණු ආකාරයට සිදු වන්නට ඉඩකඩ පවතිනවා. බලාපොරොත්තුවන උසස්වීම් නොලැබී යන්නට ඉඩ කඩ පවතිනවා. ඒ වගේම තමයි යටිකුට්ටු කුමන්ත්‍රණවලට හසු වන්නට ඉඩකඩ පවතිනවා. මේ නිසා රැකී රක්ෂාවන් පිළිබඳව වෙනදාට වඩා අවධානයෙන් සහ අවබෝධයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. සතුරු පීඩාවන් වරින්වර උත්සන්න වන බවකුත් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි තමන් වැඩිපුරම ළඟින් සිටි නෑදෑයෙකු හෝ මිත්‍රයකු තමන්ගෙන් දුරස් වන්නට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ගෘහ ජීවිතයේත් සුළු සුළු බාධාවන් ඇතිවෙනවා. කෙසේවෙතත් යම් යම් බාධාවන් ගෘහ ජීවිතය තුලත් ඇති වෙනවා. ඒ නිසාවෙන් ඉවසීමෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. වචනය ප්‍රවේසම් කරගැනීම නම් ඉතාමත්ම අවශ්‍යයම කාරණයක් බවට පත් වෙනවා. විනෝද චාරිකා ප්‍රියසම්භාෂණ වැනි දේවල් වලට වැඩි වශයෙන් සහබාගි වීමට අවකාශය ලැබෙනවා. විදෙස් ගමන් සාර්ථක කරනවා. සමහර අවස්ථාවන් තුලදී තරඟ විභාග වලින් අසමත් වන්නටත් ඉඩකඩ පවතිනවා. මේ නිසාවෙන් දැඩි කැපකිරීමකින් යුක්තවම අධ්‍යාපන කටයුතු වලට වෙහෙසවිම අත්‍යාවශ්‍යම සාදකයක් බවට පත් වනවා. දියුණුව සාර්ථකත්වය ඇති කරගන්නටත් තරමක් දුර හෝ තදබල විදිහට වෙහෙසෙන්නට සිදුවෙනවා. තමාගේ ශරීර සෞඛ්‍යයත් වරින් වර පීඩාවට ලක්වන බවත් පෙන්නුම් කරනවා. හිසේ තුවාල වැනි දේවල් වගේම හදිසි අනතුරු නිසා ඇතිවන්නාවූ ගැටළුදායක තත්වයන්ට මුහුණදීමේ අවකාශයක් පවතින නිසාවෙන් ශරීර සෞඛ්‍යය පිලිබදවත් කල්පනාකාරීවීම අත්‍යාවශ්‍ය වෙනවා. අනතුරුදායක වෘත්තීන්වල නිරත වන උදවිය කල්පනාවෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. මීන ලග්නයෙන් උපන් ඔබට සුබදායක දවස් හැටියට අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. සුබ අංකයන් විදිහට 3 සහ 9 හදුන්වාදීමට පුළුවන්කම තිබෙනවා. ශුභ වර්ණය රතු සහ කහ වාරණයත් සුබ පාෂාණ ලෙස පුෂ්පරාග පාෂාණ හඳුන්වන්න පුළුවන් කම තිබෙනවා. ඒ වගේම තමා මීන ලග්නයෙන් උපන් ඔබ 2019 වසර වඩාත් ශක්තිමත් වසරක් බවට පත්කරගන්නට මේ වසර ආරම්භයත් එක්කම හැකියාව පවතිනවා, නම් ඔබ ළඟම විහාරස්ථානයකට අටපිරිකර පූජා කරන්නට එන්නට තිබෙනාවූ අනිටු ප්‍රතිඵල බොහොමයක් දුරුවෙලා සාර්ථකත්වයට පත් කර ගැනීමේ හැකියාව පවතිනවා.


Share this
ඉතින් අපි මෙතෙක් වෙලා කතා කළේ ලබන්නා වූ 2019 වසර ඔබගේ ලග්නයෙන් ලග්නයට මොනවගේ ප්‍රතිඵලයක් ද භුක්ති විඳින්නට සිද්ධ වෙන්නේ කියන කාරණය පිළිබඳව. යම් හෙයකින් ඔබගේ ලග්නයට අහිතකර ප්‍රතිඵලයක් කියවුනේ නම් ඒ සියලුම අහිතකර ප්‍රතිපල දුරුවෙලා අවාසනාවන්ත තත්ත්වයට පත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ලබන්නාවු 2019 වසර සියලුම ලක්වාසීන්ට ලෝක වාසී සියලුදෙනාටත් සාමය සතුට සමාදානය සපිරි ශ්‍රී සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි 2018 වසර තුළ ඔබට ඉටුකර ගන්නට නොහැකි වූ යහපත් කටයුතු සියල්ලම 2019 වසර තුළ සාර්ථකව ඉටුකර ගැනීමේ හැකියාව භාග්‍යයය ලැබේවා කියල ප්‍රාර්ථනා කරමි.
Top