Bookmark

සෙනසුරු ග්‍රහයා ධනු රාශි ගතවීම ඔබට කොහොමද?
මාධ්‍යවේදී, රාජ්‍ය සම්මානලාභී ලේඛක, ඉන්දියානු උපාධිධාරී, ජ්‍යෝතිෂ්‍ය ශිරෝමණී, දේශාභිමානී නිශාන්ත පෙරේරා මහතා ඉදිරිපත් කරයි.

සෙනසුරු මාරුව ඔබට කොහොමද?

 

මේෂ ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

 

සෙනසුරු ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපලය මේෂ ලග්න හිමියන්ට නිම වේ. කරදර බාධක අඩු වීමට පටන් ගනී. නව දැක්මකින් යුත් සැලසුම් සකස් කරගැනීමට හැකියාව ලැබේ. ආගම දහම කෙරේ නැඹුරුවක් මෙන්ම ආගමික නායකයින්ගේ ඇසුර නොඅඩුව ලැබේ. පවුල තුල මෙන්ම සමාජය තුල ඉහල කීර්තියක් ලැබේ. සෙම් රෝග වලින් ප්‍රවේසම් වන්න.සෙනසුරාදා දිනවල ගිලනුන්ට පිහිට වන්න.


වෘෂභ ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

 

ලග්නයට යෝග කාරක ග්‍රහයා වන්නේ සෙනසුරු වේ. ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපලයක් යෙදී පවතී.කරන්නට යෙදෙන කටයුතු වලට කරදර බාධක පැමිණේ. පවුලේ සමගියට තදබල පීඩා කරදර පැමිණේ.සෞඛ්‍යය තත්වයේ පිරිහීමක් දක්නට ලැබිය හැකි හෙයින් වෛද්‍යය ප්‍රතිකාර කෙරෙහි අවධානය යොමු කරන්න. මේ සෙනසුරු ග්‍රහ මාරුව වාසනාවන්ත ග්‍රහ මාරුවක් බවට පත් කරගන්න සෙනසුරාදා දිනවල උදෑසන 6.40 ත් 6.50 ත් අතර රතු කැකුළු බතක් සමග එළවලු සහිත ආහාර පාර්සල් 3ක් අසරණ ආබාධිතයින්ට ලබාදෙන්න.


මිථුන ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

 

ශුභ අශුභ පළ මිශ්‍රව ලැබෙන කාලයකි. නොසන්සුන් මානසිකත්වයක් ඇති කරන කාලයකි. තීන්දු තීරණ වලදී බුද්ධිමත් ලෙස කටයුතු කිරීමට වගබලා ගන්න. සහකරුගේ සහකාරියගේ සෞඛ්‍යය තත්වය පිලිබඳ අවධානය යොමු කිරීමට සිදු වේ. මේ සෙනසුරු ග්‍රහ මාරුව වාසනාවන්ත ග්‍රහ මාරුවක් බවට පත් කරගන්න ඔබේ උසට සරිලන කහමල් මාලාවක් නිමවා අගට සහ මුලට නිල් මල් අමුණා සෙනසුරාදා දිනවල බෝධියේ නැගෙනහිර දිසාවේ අත්තක එල්ලා බෝධි පූජා පවත්වන්න.


කටක ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

 

කල කී අණුවන කම් අවබෝධ වන කාලයකි. නව බලාපොරොත්තු ඇතිව අලුත් ජිවන රටාවකට එළඹෙන කාලයකි. සිදුවූ සුළු අඩුපාඩු නිවැරදි කරගෙන තැම්පත් ධනය වර්ධනය කරගැනීමටත් හැකි වේ.නිධන්ගත රෝග පීඩා ගෙනදිය හැකි හෙයින් තෙල් හා සීනි සහිත අහාර ගැනීමෙන් ප්‍රවේසම් වන්න. මේ සෙනසුරු ග්‍රහ මාරුව වාසනාවන්ත ග්‍රහ මාරුවක් බවට පත් කරගන්න සෙනසුරාදා දිනවල පූජ්‍යය පක්ෂයට හෝ ගිලන් අයෙකුට බෙහෙත් ද්‍රව්‍යය දන් දෙන්න අමතක නොකරන්න.


සිංහ ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

 

දුරදිග නොබලා කරනු ලබන කටයුතු නිසාවෙන් ගැටළු ඇතිවේ. නිෂ්පල ගමන් බිමන්,වියදම් බහුල වන කාලයකි. අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. උෂ්ණ අධික රෝගපීඩා හේතුවෙන් කරදර ඇතිවේ.මේ සෙනසුරු ග්‍රහ මාරුව වාසනාවන්ත ග්‍රහ මාරුවක් බවට පත් කරගන්න සෙනසුරාදා දිනවල ඉගෙනුම ලබන සාමණේර නමකට හෝ භික්ෂුවකට පොත්පත් දන් දීම, බෝ මළුව ඇමදීමට ඉදල් පරිත්‍යාග කරන්න.


කන්‍යා ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

 

පවුලේ සමගියට අහිතකර ප්‍රතිඵල ගෙන දේ. ඉක්මන් තීරණ තුලින් කරදර පැමිණේ. දු දරුවන් මෙන්ම විවාහ කටයුතු වලදී තීරණ ගැනීමේ දී වැඩි අවධානයක් යොමු කරන්න. ඥාතීන් අසල්වාසීන් සමග කටයුතු වලදී හොද හිත පළුදු වීමට මෙන්ම කරදර බාධක පැමිණීමට ඉඩ ඇත. උණ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳිය හැකි බැවින් අවේලාවේ ස්නානයේ දී සැලකිලිමත් වන්න. මේ සෙනසුරු ග්‍රහ මාරුව වාසනාවන්ත ග්‍රහ මාරුවක් බවට පත් කරගන්න සෙනසුරාදා දිනවල නිවසේ බස්නාහිර පෙදෙසේ පක්ෂීන්ට ධාන්‍ය වර්ග දන් දෙන්න.


තුලා ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

 

නිළතල නම්බු නාම මෙන්ම ප්‍රසිද්ධිය කිර්තිය අත් වන කාලයකි. දුරස් වූ හිතමිතුරු සම්බන්දකම් අලුත් වේ. රැකි රක්ෂා දියුණුවට ඉතා යහපත් කාලයකි. සුළුවෙන් පටන් ගන්න ව්‍යාපාර කටයුතු මහාපරිමානය දක්වා වර්ධනය කරගැනීමට ශුභ වන කාලයකි. පිට කොන්ද ආශ්‍රිත අපහසුතා ඇතිවිය හැකි හෙයින් තෙත සහිත ස්ථාන වල ගමන් වලදී ප්‍රවේසම් වන්න. මේ සෙනසුරු ග්‍රහ මාරුව වාසනාවන්ත ග්‍රහ මාරුවක් බවට පත් කරගන්න සෑම දිනකම ප්‍රථම රාජකාරිය ලෙස මෝර පිරිත හෝ ජය පිරිත වරක් හෝ ශ්‍රවනය කරන්න.


වෘශ්චික ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

 

අපල කාලයේ ලිහිල් වීමක් දක්නට ලැබේ. ශුභ අශුභ පල මිශ්‍රව ගෙන දේ. අත් හදාබැලීම් අනුමාන තීන්දු තීරණ තුලින් පාඩු ගෙනදිය හැකි කාලයකි. බුද්ධියට මුල් තැන දී කටයුතු කරන්න. ප්‍රභල මංගල යෝග උදා විය හැක. විවාහ කටයුතු පමා වූ උදවියට සතුටුදායක ආරංචි ලැබේ. මේ සෙනසුරු ග්‍රහ මාරුව වාසනාවන්ත ග්‍රහ මාරුවක් බවට පත් කරගන්න සෑම සෙනසුරාදා දිනවල උදෑසන 6.50 ට පෙර කපුටන්ට එළඟිතෙල් මිශ්‍ර කිරිබත් ස්වල්පයක් නිවසේ බස්නාහිර දිශාවේ දන් දෙන්න.


ධනු ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

 

ඉතාමත් කල්පනාකාරී වන්න. කරනු ලබන මෙන්ම කරන්නට යෙදෙන කරුණු කරනා වලට යම් බාධා ඇතිවේ. පවුලේ හොද හිත පළුදු වීමට ඉඩ ඇත. අනතුරු විපත් ඇති වීමට ඉඩ ඇත. වැටීම් තැලීම් තුවාල වීම් ඇති වේ. දරුපල ආශ්‍රිත බලාපොරොත්තු ඇති අය නියමිත වෛද්‍යය ප්‍රතිකාර සඳහා යොමු වන්න. මේ සෙනසුරු ග්‍රහ මාරුව වාසනාවන්ත ග්‍රහ මාරුවක් බවට පත් කරගන්න සෑම දිනකම උදෑසනම නුග වෘක්ෂයකට වතුර ස්වල්පයක් දමන්න. විෂ්ණු දෙවිඳුන්ගේ පිහිට නොඅඩුව ලැබේ.


මකර ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

 

දැඩි තීන්දු තීරණවලට පෙලබීමේ තත්වය ඉතා ඉහල මට්ටමක පවතී. සතුරා මිතුරා ලෙසත් මිතුරා සතුරා ලෙසත් පෙනෙන කාලයකි. තමන්ගේ සමීපතමයින් දුරස් වීමට මෙන්ම සමීපතමයින් ලෙසින් සිටින අයගෙන් කරදර බාධක ඇති වීමටත් ඉඩ ඇත. කරන කියන ව්‍යාපාර කටයුතු වලින් පාඩු සිදුවීමට ඉඩ ඇත. පවුලේ සහජීවනයට සමගියට පීඩා කරදර ගෙන දේ. මේ සෙනසුරු ග්‍රහ මාරුව වාසනාවන්ත ග්‍රහ මාරුවක් බවට පත් කරගන්න අමාවක පොහොය දිනයක ඔබගේ වයසේ අගයට පහන් දැල්වීමත් ශිල ව්‍යාපාර ආදියට කොළ කැඳ දන් දීමත් කරන්න.


කුම්භ ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

 

බලාපොරොත්තු සාර්ථක වන කාලයකි. සුළු ආයෝජනයකින් පවා විශාල ලාභ ප්‍රයෝජන ඇත වන කාලයකි. අතරමැදි ව්‍යාපාර කටයුතු මෙන්ම සන්නිවේදක ව්‍යාපාර කටයුතු වල යෙදෙන අයට අති සුපිරි ග්‍රහ මාරුවක් ලෙස නම් කල හැක. අනුන් යටතේ කරන කටයුතු වලට වඩා ස්වාධීන කටයුතු වලදී ජය හිමි වේ. මේ සෙනසුරු ග්‍රහ මාරුව වාසනාවන්ත ග්‍රහ මාරුවක් බවට පත් කරගන්න මාසයේ පළමු වන සෙනසුරාදා දිනවල බෝධිය දෝවනයට පැන් කල තුනක් පුජා කරන්න.


මීන ලග්නයේ උපන් ඔබට සෙනසුරු කොහොම බලපෑමක් ඇති කරයිද?

 

අදායම් මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර ආශ්‍රිතව තමන් වෙත පැවරෙන වගකීම් නිසි පරිදි ඉටු කිරීමට වගබලා ගන්න. එවැනි කටයුතු අන් අය කෙරෙහි පැවරීමේදී විශ්ෂයෙන් කල්පනාකාරී වන්න. කොතරම් හිතවතෙකුගේ වුවත් ඇපයකට වැනි යමකට දායක වීමේදී ඉතා කල්පනාකාරී වන්න. රැකි රක්ෂා ආදී කරදර බාධක ස්ථාන මාරු ප්‍රධානීන් සමග ඇති හොද හිත පළුදු වීම් මෙන්ම රැකියා තෘප්තිය හීන වීම ඇතිවිය හැක. අස්ථි ආශ්‍රිත රෝග පීඩා බහුල විය හැක අත් පා ආශ්‍රිත සුළු හිරිවටිමකදී පවා ඉක්මන් වෛද්‍යය ප්‍රතිකාර ගැනීමට සැලකිලිමත් වන්න. මේ සෙනසුරු ග්‍රහ මාරුව වාසනාවන්ත ග්‍රහ මාරුවක් බවට පත් කරගන්න සෙනසුරාදා දිනවල තමන් අදහන කුමන හෝ ශාස්තෘවරයෙකුට එළඟි තෙල් පහනක් දල්වන්න.


Social Subscribox
Top